කිවියෝ පලමු තරගයේ වාඩුව ගනිති.. ශ‍්‍රී ලංකාවට ඉනිමක දැවැන්ත පරාජයක්..

August 26, 2019 at 6:49 pm | lanka C news
කිවියෝ පලමු තරගයේ වාඩුව ගනිති.. ශ‍්‍රී ලංකාවට ඉනිමක දැවැන්ත පරාජයක්..

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹදී පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ‍්‍රී ලංකාව පරදා ඉනිමක හා ලකුණු 65ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වී ඇත.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දී තම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 244ක් රැස්කර ගත්තේය.

පිලිතුරු ලෙස නවසීලන්තය මුල් ඉනිම සදහා කඩුළු 6කට ලකුණු 431ක් රැස්කර සිටියදී ඉනිම අත්හිටුවා ශ‍්‍රී ලංකාවට පන්දුවට පහර දීමට ආරාධනා කලේ ලකුණු 187ක් ඉදිරියෙන් සිටිමිනි.

නමුත් ශ‍්‍රී ලංකා දෙවැනි ඉනිමේදී සියලුදෙනා ලකුණු 122කට දැවී ගියේ ඉනිමක හා ලකුණු 65ක ජයක් නවසීලන්තයට අත්කර දෙමිනි.

ඒ අනුව ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සම විය.

29 views

2 Comments to “කිවියෝ පලමු තරගයේ වාඩුව ගනිති.. ශ‍්‍රී ලංකාවට ඉනිමක දැවැන්ත පරාජයක්..”

  1. බුද්ධිමත් ජනතාව says:

    වගකීම් නැතිව ක්‍ර්‍රීඩා කරන කළ ක්‍ර්‍ර්‍රීඩකයන් තාවකාලිකව ‌හෝ ඉවත් කළ යුතුුුුයි-කුුුුුසල් ‌පෙරේරා, මෙන්ඩිස්,තිරිමාන්න,‌සමහර බෝලස්ලා ඉවත් කර තරැණ අය ගත යුතුයි

  2. LION says:

    20 – 20 ජය පතමු

Main News