කිවුව දේ ඇහුවේ නෑ.. කොරෝනා 04වන අදියරට එනවා.. දරුණු ලෙස සමාජය ගිල ගන්නවා…- GMOA

April 9, 2020 at 10:40 am | lanka C news
කිවුව දේ ඇහුවේ නෑ.. කොරෝනා 04වන අදියරට එනවා.. දරුණු ලෙස සමාජය ගිල ගන්නවා…- GMOA

ඉදිරි සති දෙක තුළ මෙරට කොරෝ රෝගීන් ඉහළ ප්‍රතිශතයක් වාර්තා වීම නොවැළැක්විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

වෛරසය ආසාදිතයන් හදුනා ගැනීමට පරීක්ෂණ වැඩි කරන්නයි ලබාදුන් උපදෙස් නොතකා හරිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීමෙන් නිසා වෛරස ව්‍යාප්තිය 04වන අදියරට පැමිණ සමාජය කරා පැතිරීම දක්වා ව්‍යාප්ත වනු ඇතැයි ද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

පලමු කොරෝනා රෝගියා මෙරටින් වාර්තා වූ අවස්ථාවේදීම ඉදිරියේදී රෝගීන් වර්ධනයක් ඇතිවන බැවින් පරීක්ෂණ වැඩි කළ යුතු බව පෙන්වා දුන් නමුත් ඒ පිලිබඳ උනන්දුවක් බලධාරීන් නොදැක්වීම නිසා කොරෝනා වෛරසය දරුණු අන්දමින් සමාජය ගිලගැනීමේ අවධානමක් පවතින බවද ඔහු පැවසීය.

ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ දිනකට 1500ක් පමණ සිදු කළ යුතුව ඇතත් දැනට සිදු කරන්නේ පරීක්ෂණ 300ක් පමණ යැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය.

444 views

106 Comments to “කිවුව දේ ඇහුවේ නෑ.. කොරෝනා 04වන අදියරට එනවා.. දරුණු ලෙස සමාජය ගිල ගන්නවා…- GMOA”

  1. වාරියපොල පාදෙණියේ වෙද මහත්තයා says:

    සිංහල බෙහෙත් වලින් නිට්ටාවටම කැස්ස හොඳ කරන්න පුලුවන්.

    වාරියපොල පාදෙණිය හන්දියට ඇවිත් පාදෙණියේ සිංහල වෙද මහත්තයා හමුවන්න

  2. Chatura putha says:

    මේකෙ කොටන උන් ඔක්කොම විශේෂඥ වෛද්‍යවරැ වගෙයි,උන්ගෙ උපදෙස් එකකට එකක් වෙනස්.කෝක තෝර ගන්නද කියල හිතන්න අමාරැයි.දැන් නම් මැරෙන්න වෙන්නෙ කොරෝනවලින් නෙවෙයි මේකෙ කොටන උන්ගෙ උපදෙස්වලින්.

  3. Herath Banda Karaliyada says:

    There is two trends of how to combats Coronavirus that is natural .Having Two Option on table of that President of Republic act on most prudent policies can be save country by vital interest of nation .GMOA having amicable solution need to be considered by ours current development> I request do discarded that GMOA proposal by President and task force.

  4. Prasad says:

    රජයට මෙම පවත්නා තත්වය ඉක්මනින් පාලනය කර ගැනීමට ඉඩ නොදී එහෙන් මෙහෙන් කකුලෙන් අදින කට මැත දොඩවන නුගත් පහල මද්‍ය පාන්තික පවුල්වලින් බිහිවී වෛද්‍ය වෘත්තීය නිසා ඉහ මොළ උදුම්මවාගත් මෙවන් ප්‍රවේනි දාසයන්ට නීත්‍යනුකුලව තරාතිරම නොබලා දඩුවම් කල යුතුය.

  5. Ekayana says:

    GMOA එක මුස්ලිම් ජනතාවගේ සහයොගය අරගෙන කඩාකප්පල් ව්‍යාපාරයක යෙදෙනවද කියල හිතෙනව මේ කියන කතාවලින්.

  6. Saint says:

    Padeniya, Navin Soysa and Haritha Aluthge are not doing their doctor duties, but just making media shows for their cheap publicity. They should be arrested for making just biased statements for their own advantage. If others make these statements they will be arrested. So why not these trade unionists being arrested?

  7. Heman says:

    Meyage handa hari abnormal wage..lankawata ambulance gena kotath mara sadde.thathwika vadi kathawae..

Main News