කිස්තු පූර්ව දෙවන සියවසට අයත් රිදීමාලියද්ද විහාරය නිදන් හොරැ බිදිති..
July 5, 2017 at 12:40 pm | lanka C news
රිදීමාලියද්ද අලුකෙටියාව සෙනසුන්ගල පුරාණ ලෙන් විහාරස්ථානය නිදන් හොරු විසින් ඊයේ රාත්‍රි විනාශ කර ඇති බව විහාරාධිපති පූජ්‍ය අලුකෙටියාවේ සීලවංස හිමියන් පවසති.
මේ සම්බන්ධයෙන් උන් වහන්සේ විසින් මහියංගණය පොලිසිය වෙත පැමිණිල්ලක් ද සිදු කර ඇති අතර සිද්ධිය වන අවස්ථාවෙදී විහාරස්ථානයේ කිසිවෙකු රැදී නොසිටි බවත් උන් වහන්සේ පැවසූහ.
දහවල් කාළයේ දී සිවිල් ආරක්ෂක භටයින් දෙනෙකු ආරක්ෂාව සදහා යොදවා ඇත.
කිස්තු පූර්ව පලවෙනි හා දෙවන සියවසට අයත් යැයි සැලකෙන මෙම ඉපැරැණි විහාරස්ථානයේ සංඝාරාමයේ දොරවල් කඩා එහි ඇතුලත වලවල් හාරා නිදන් සොයා ඇති අතර එනිසා විහාරස්ථානයේ ඉපැරැණි බිතුසිතුවම් ද විනාශ වී ඇත.
අතර මේ වන විටත් මේ සම්බන්ධයෙන් කිසිවෙකු අත්වඩංගුවට ගැනීමට පොලිසියට හැකි වි නැත.
– ජයන්ත වීරසේකර