කිසිදා නොවු ලෙස විදේශ තනාපති සේවය කඩා දමමින් දේශපාලන පත්වීම්.. තානාපතිලා 33ක් දේශපාලන හිතවතුන්..

January 15, 2017 at 3:50 pm | lanka C news
කිසිදා නොවු ලෙස විදේශ තනාපති සේවය කඩා දමමින් දේශපාලන පත්වීම්.. තානාපතිලා 33ක් දේශපාලන හිතවතුන්..

මෙතෙක් ශ්‍රීලංකාවේ ශ්‍රී ලංකාවේ සිටි කීර්තිමත්ම විදේශ ඇමතිවරයා ලෙස බොහෝ දෙනාගේ පිලිගැනීම වන්නේ ලක්ෂ්මන් කදිරගාමර් මහතාය.

ඔහු විසින් එතෙක් පවත්වාගෙන ගිය විදේශ දූත මණ්ඩල ප්‍රධානින් ඇතුළු කාර්යය මණ්ඩල පත්කිරිම දේශපාලන හිතවතුන් වැඩි ඉඩකඩ ලබාදීමේ පිලිවත වෙනස් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා (Career Diplomats-SLFS) 70% කුත් 30% ක් දේශපාලන හිතවතුන්ට ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කොට ක්‍රියාත්මක කරන ලදි.

එම ක්‍රමයට බොහෝ දුරට පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ ද ක්‍රියාත්මක වූ අතර සමහර අවස්ථාවන්හිදි අඩුපාඩු සිදු වුවත් එම ලැයිස්තුවේ ආකාරයෙන් පාලනයක් තබා ගැනීමට එවකට ජනාධිපතිවරයා මෙන්ම එම කාර්යාලය ප්‍රධානියා නිරන්තරයෙන් කටයුතු කොට ඇති බැව් අද සති අග ඉංගිරිසි පුවත්පතක් වන සන්ඩේ ටෛම්ස් වාර්තා කරයි.

එම වාර්තාව සඳහන් කරන අන්දමට යහපාලන රජය පැමිණ විගස ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යවරයා වන මංගල සමරවීර මහතා විසින් ඔහුගේ පලමු රාජකාරි ලෙස එවකට රාජපක්ෂ යුගයේ එසේ දේශපාලන පත්වීම ලද විදේශ තානාපති සේවයේ සිටි 27 දෙනෙකු වහාම ඔහුනගේ පත්වීම අවලංගු කොට ශ්‍රීලංකාවට කැදවන ලදි.

එහිදි මංගල සමරවීර අමාත්‍යවරයා මාධ්‍ය අමතමින් කියා සිටියේ මින් ඉදිරියට නැවතත් ලක්ෂ්මන් කදිරගාමර මැතිතුමා හදුන්වා දුන් ශ්‍රීලංකා විදේශ සේවා (Career Diplomats-SLFS) 70% කුත් 30% ක් දේශපාලන හිතවතුන්ට ලබාදීමේ වැඩපිළිවෙළ නිසි පරිදි ක්‍රියාත්මක කරන බවයි.

පුවත්පත සඳහන් කරන අන්දමට අද වනවිට අවම වශයෙන් මහින්ද රාජපක්ෂ යුගයේ ජනාධිපති ලේකම්වරයා විසින් නිරන්තරයෙන් සොයා බලා පාලනයක් තබා ගත් එම ලැයිස්තුවට අනුව පත්කිරිම සිදු කිරිමද නවතා දමා ඇත. ඒ වෙනුවට යහපාලන රජය ශ්‍රීලංකා විදේශ සේවාවට (Sri Lanka Foreign service ) පිටතින් දේශපාලන හිතවතුන් 33 දෙනෙකු විදේශ තනාපති සේවය පත් කොට ඇති බව සඳහන් කරයි.

එමෙන්ම පසුගිය රජය සමයේ දැඩි කතාබහට ලක් වූ නයිජීරියානු ශ්‍රීලංකා තානාපති වූ වෙළෙඳ ව්‍යාපාරික ASP ලියනගේ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය දා ක්ටාර් රාජ්‍යයේ ශ්‍රීලංකා තනාපති වරයා ලෙස පත් කොට ඇති බව එම පුවත් වැඩිදුරටත් සඳහන් කරයි.

118 views