කිසිදු අවසරයක් නැතිව කොස් ගස් 30ක් කපා දමයි..

March 31, 2021 at 4:40 pm | lanka C news
කිසිදු අවසරයක් නැතිව කොස් ගස් 30ක් කපා දමයි..

ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය යටතේ පාලනය වන පොල්පිටිය ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක කොස් ගස් 30 ක් කපා දැමිම සම්බන්ධයෙන් තම කාර්යාලය විසින් විධිමත් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවනි සිතාරා ගමගේ මහත්මිය පැවසිය.

ගිනිගත්හේන පොල්පිටිය 318 ග්‍රාමසේවා වසමේ පදිංචිකරුවෙකු විසින් විදුලි බල මණ්ඩලයේ ඉල්ලිමක් මත ඔහුගේ ඉඩමේ තිබු කොස් ගස් 30 ක් පමණ කපා බිම හෙලා ඇති බවත්, කොස්ගස් 03 ක් කැපිමට තමන්ට අවසර ලබාදිය හැකි බවත්, කොස් ගස් 15 කැපිමට දිසාපතිවරයාගේ ලිඛිත අවසරය ලබාගත යුතු බවත්,කොස් ගස් 30 කට වඩා කපා ඉවත් කිරිමේදි ඒ සදහා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ ලේකම්වරයාගේ අවසරය ලබාගත යුතු බවයි ප්‍රාදේශිය ලේකම්වරිය කියා සිටියේ.

පොල්පිටිය ප්‍රදේශයේ සිට හම්බන්තොට දක්වා අධි බලැති විදුලි රැහන් පද්ධතියක් රැගෙන යාම සදහා පොල්පිටිය ප්‍රදේශයේ පුද්ගලික ඉඩම් වල තිබෙන කොස් ගස් ඇතුළු තවත් ගස් කිහිපයක් කැපිම සදහා විදුලි බල මණ්ඩලය මගින් ගස් සලකුණු කර ඇති බවත්, එම පුදගලික ඉඩම් වල කපන ගස් සදහා එම ඉඩම් වල හිමිකරුවන්ට එම ගස් වල වටිනාකම තක්සේරු කර වන්දි මුදලක් ගෙවිමට කටයුතු කරන බවද ප්‍රාදේශිය ලේකම්වරිය පැවසිය.

තවද කපා බිම දමා ඇති කොස් ගස් ලි ඉරා ප්‍රදේශයෙන් රැගෙන ගොස් ඇති බවටද තමන් වෙත තොරතුරු ලැබි ඇති බවයි ප්‍රාදේශිය ලේකම්වරිය කියා සිටියේ.

කොස්ගස් 30 ක් කපා ඉවත් කරන තෙක් වසම භාර ග්‍රාමසේවා නිලධාරිවරයා ඒ පිලිබදව තමන් වෙත ලිඛිත හෝ වාචිකව දැනුවත් කිරිමක් කර නොමැති බවත්, ඔහුට විරුද්ධව පරික්ෂණයක් ආරම්භ කරන බවයි ප්‍රාදේශිය ලේකම්වරිය කියා සිටිහ.

විදුලි බල මණ්ඩලය මෙය හදිසි අවශ්‍යතාවයක් නිසා අනුමැතියක් ලැබිමට ප්‍රථම එම ගස් කපා ඉවත් කරන ලෙසට විදුලි බල මණ්ඩලයෙන් තමන්ගෙන් ලිඛිතව ඉල්ලිමක් කල බවත්,ඒ සදහා තමන් කිසිදු අවසරයක් විදුලි බල මණ්ඩලයට ලබා නොදුන් බවද ප්‍රාදේශිය ලේකම්වරිය පැවසිය.

ඉඩමේ හිමිකරු පවසන්නේ කොස් ගස් කැපිමට අදාල බලපත්‍රය ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයා විසින් තමන් වෙත ඉදිරි දින කිහිපයේදි ලබා දිමට පොරොන්දු වු බවත්, එතෙක් කොස් ගස් කපා දමන ලෙසයි.

ප්‍රදේශවාසින් පවසන්නේ අධි බලැති විදුලි රැහන් පද්ධතිය සවි කිරිමට සැලසුම් කර ඇති පොල්පිටිය ප්‍රදේශයේ කපා ඉවත් කිරිමට නියමිත කොස් ගස් සහ වටිනා දැව කැපිමේ ජාවාරම පිටුපස ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයා සෘජුව මැදිහත් වි සිටින බවයි.

කපා ඇති කොස් ගස් 30 කිසිදු දැව කදන් එම පුද්ගල ඉඩමේ නොමැති අතර, ප්‍රදේශවාසින් පවසන්නේ කැපු කොස් ගස් වලින් ලි ඉරා ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයා විසින් ප්‍රදේශයෙන් බැහැරට රැගෙන ගොස් ඇති බවයි.

ග්‍රාමසේවා නිලධාරිවරයාට නගන චෝදනා සම්බන්ධයෙන් අප ඔහුගෙන් කරුණු විමසිමට ඔහුගේ දුරකථනයට ඇමතුම් කිහිපයක් ලබා ගත්තද එම දුරකථන අංකය ඔහු ප්‍රතිචාර නොදැක්විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

18,404 views

3 Comments to “කිසිදු අවසරයක් නැතිව කොස් ගස් 30ක් කපා දමයි..”

  1. මෝ says:

    අනේ අපේ රටේ ඉන්න ගොන් හරක්.කැලෑ,මදිවට කොස්ගසුත් කපනවා.ඔක්සිජන් විතරක් නෙවෙයි කන්නත් නැතිවයි මැරෙන්නේ.ලොකෙ පුරාම කොස් සහ ඒ නිශ්පාදනවලට දැඩි ඉල්ලුමක් තියෙනවා.ඒව පිටරට යවනව වෙනුවට අපි ගහ කපලදාන ගොන් ගැත්තක්.

Main News