කිසිදු රාජ්‍යයකට විශාල ණයක් අනුමත කර හෝ එකග වී නෑ..- ඕමානය කියයි..

October 29, 2021 at 12:03 pm | lanka C news
කිසිදු රාජ්‍යයකට විශාල ණයක් අනුමත කර හෝ එකග වී නෑ..- ඕමානය කියයි..

කිසිදු මිත්‍ර රාජ්‍යයකට විශාල ණය මුදලක් ඕමාන් රජය නිල වශයෙන් අනුමත කොට හෝ ලබාදීමට එකඟ වී නැති බව ඕමාන් රජය සදහන් කරයි.

එරට මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් එරට ගුවන් විදුලිය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙරට බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා මෑතකදී සඳහන් කළේ ඕමාන් රාජ්‍යය විසින් මෙරට ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන 3600 ණය මුදලක් ලබා ගැනීමට කටයුතු කළ බවයි.

එමෙන්ම ඒ සඳහා මෑතකදී කැබිනට් අනුමැතිය ද හිමිවිය.

41,282 views

8 Comments to “කිසිදු රාජ්‍යයකට විශාල ණයක් අනුමත කර හෝ එකග වී නෑ..- ඕමානය කියයි..”

  1. Susantha says:

    ගම්මන්පිල ඇත්තක් කතා කරපු දාට ඉර බස්නාහිරින් පායාවි

  2. මට මතකයි ඔයාලා ඇන්ඳූ හැටි says:

    ඔය වගේම විශාල ආයෝජනයක් කටාර් වලින් බදුර්දීන් ඇමැති වෙලා ඉන්නකොට පාස්කු ප්‍රහාරයට පස්සේ හදිසියේ රට ගිහින් අනුමත කරගෙන ආවා. වෙච්ච දෙයක් නෑ. ඔව්වා නිකම් මිනිස්සු සනසන බොරු ෂෝ.

  3. LalithM says:

    ඕමාන් රජයෙන් කියල කිව්වට පුද්ගලික බැංකුවකින් වැඩි පොලියට කොමිස් එකට ගන්න වගේ.

  4. saman says:

    this is personal loan

  5. බිංකුණ්ඩා says:

    ලංකාවෙ බයියන්ව බොරු කියල ඇන්දුවට ජාත්‍යන්තරේ එහෙම අන්දන්න බෑ ගම්මො

  6. මැදමුලනෙ මුත්තා says:

    දැන් ගොමිමන්පිළයටත් වෙලා තියෙන්නෙත් ලී ඉරන පලංචියට නැගල කූඤ්ඤෙ ගලවපු වඳුරට උනා වගේ වැඩක්. හැක්……හැක්………හැක්

  7. Sam says:

    As I noticed. Nobody from the government told that the loan from Oman is approved by Oman. They only said that they requested a loan from Oman.

  8. පූටිටුවේ says:

    ජීවිත කාලෙටම ඇහුවේ නෑ පිටරට වලින් නය අරන් ඉන්ධන ගේන රටක්. දෑන් වෙනස ෂෑපද?