කිසිම අයෝජකයෙක් ලංකාවට එන්නේ නෑ..- කිරිඇල්ල

March 2, 2019 at 12:00 pm | lanka C news
කිසිම අයෝජකයෙක් ලංකාවට එන්නේ නෑ..- කිරිඇල්ල

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අතීතයේ හා වර්තමානයේ හොදම දේ ලබා දුන් පක්ෂය ජාතික පක්ෂය බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ ‘ළගම පාසල හොදම පාසල’ ව්‍යාපෘතිය යටතේ දිවයිනපුරා පාසල් 200ක ඉදිකිරීම් අවසන් කළ ව්‍යාපෘති 200ක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මහනුවර මහර රාහුල විද්‍යාලයේ නවීකරණය කරන ලද ශිෂ්‍ය පන්තිකාමර හා ශිෂ්‍ය විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

‘එක්සත් ජාතික පක්ෂය නිතරම අධ්‍යාපනය සම්බන්ධයෙන් විශාල උනන්දුවක් හා දැක්මක් ඇතිව කටයුතු කරනු ලැබුවා.නිදහස් අධ්‍යාපනය මේ රටට ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය භාරව කටයුතු කළ සී.ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමාග නිිදහස් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව අපේ රටේ දරුවන් විශාල වශයෙන් අධ්‍යාපනයට යොමු වුණා.

ජීවිත සර්ථක කර ගැනීමට අද තිබෙන එකම මාර්ගය වන්නේ අධ්‍යාපනයයි. දරුවන්හට අධ්‍යාපනයක් ලබා නොදී කෙතරම් මුදල් හා නිවාස ලබා දුන්නත් ප‍්‍රයෝජනයක් වන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනය ලබා දීමෙන් පසුව පාසල් පොත් නිල ඇදුම් නොමිලේ ලබා දීමේ සංකල්පයන් අපි විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ආකාරයේම වැදගත් සංකල්පයක් ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ හා අධ්‍යාපන අමාත්‍යතුමාගේ මගපෙන්වීම යටතේ අද පාසල් යන සෑම දරුවෙක්ම රක්ෂණය කිරීමක් සිදුකර තිබෙනවා. එය විශාල ඉදිරි පිම්මක් වන අතර සිසුදරුවන් රක්ෂණය කිරීම දෙමාපියන්ටද විශාල සහනයක් වෙනවා. අපි ඉදිරියේදී මෙම රක්ෂණ ක‍්‍රමය තව තවත් දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා.

අපි අධ්‍යාපනයට මෙතරම් උනන්දුවක් දැක්වීමට හේතුවක් පවතිනවා. අපේ රට ස්වාභාවික සම්පත් වලින් අඩු රටක් තෙල් රත්තරං වගේ දේවල් අපේ රටේ නැහැ. එවැනි රටක් දිරිරියට ගෙන යා හැකි හොදම මාර්ගය වන්නේ දැනුම භාවිත කර සේවා සැපයීමේ මාර්ගයයි. කොළඹ නගරය මෙන් බිම් ප‍්‍රමාණයක් ඇති සිංගප්පූරුව අද ලෝකයේ ආර්ථිකය තුළ පස්වන ස්ථානය ලබාගෙන පවතිනවාග එයට හේතුව වන්නේ එරටේ ජීවත් වන ජනතාවගේ අධ්‍යාපනය හා දැනුම ඉහළ මට්ටමක පැවතීමයි.

ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සාකච්ඡුාවක් පැවති අතර එහිදි සියලූදෙනාම පිළිගනු ලබන යෝජනා මගින් පළාත් සභාව ශක්තිමත් කිරීමට අපි එකග වූවා. ඒ වගේම රටේ ජනවර්ගික සාමයක් හා දේශපාලන පක්ෂයන්වල සාමයක් නොමැතිව කිසිම ආයෝජකයෙක් ලංකාවට පැමිණෙන්නේ නෑ. අපි බලයට පත් වූ විගස පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබූවා. සියලූ පක්ෂ නියෝජිතයින් ඇතුළත් කමිටුවක් මේ සදහා පත් කරනු ලැබුවා. එය ඒකමතික ඡන්දයෙන් සම්මත වුණා වගේම සියලූ දෙනාම ඒ සදහා ඡන්දය ලබා දුන්නා. අපි කිහිප අවස්ථාවකදී පාර්ලිමේන්තුවේදි රුස් වුණා. යෝජනා හදලා තිබුණාට අවසන් තීන්දුව ලබා දෙන්නේ පාර්ලිමේන්තුව මගින්. මෙම වගන්ති එකින් එක නිර්මාණය කිරීමට සියලූදෙනාගේ සහයෝගය හිමි වුව හොත් ඉදිරි කාලයේදී අපි විශ්වාස කරනවා පර්ලිමේන්තුව තුළින් සියලූ ජාතීන්ට පිළිගත හැකි නව ව්‍යවස්ථාවක් අලූත් රටක් නිර්මාණය කිරීමට අපට අවස්ථාවක් ලැබේවී යැයි කියා අපි ඒකාන්තයෙන් විශ්වාස කරනු ලබනවා.

– මාධ්‍ය එකකය

34 views
Main News