කිසිම ප්‍රචණ්ඩකාරි සිදුවීමකට පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයන් සම්බන්ධ නෑ..

August 15, 2017 at 5:30 pm | lanka C news
කිසිම ප්‍රචණ්ඩකාරි සිදුවීමකට පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයන් සම්බන්ධ නෑ..

යාපනයේ පසුගිය දිනවල සිදු වූ කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට පුනරුත්තාපනය වූ කිසිදු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු සම්බන්ධ වී නොමැති බවට තමන් විශාවාශයෙන් හා වගකීමෙන් පවසන බවට පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් ජානක රත්නායක මහතා පවසා සිටියේය.

පුනරුත්පාන කොමසාරිස් ජනරාල් මේ බව කියා සිටියේ අද (15) වව්නියාව පූන්තොට්ටම් පුනරුත්තාපන කඳවුරේදී පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙනුවෙන් ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීමට කුකුල් පැටවුන් බෙදා දීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කොමසාරිස් ජනරාල් වරයා වැඩි දුරටත් කියා සිටියේ,

‘අපි මේ වෙන කොට පුනරුත්තාපනය කරපු 12190 කිසිම කෙනෙක් යාපනයේ හෝ උතුරු නැගෙනහිර පලාත්වල ප්‍රචණ්ඩක්කාරි  ක්‍රියාවකට හෝ නීතිවිරෝධී වගේම ආණ්ඩු විරෝධි ක්‍රියාවකට සම්බන්ධ වෙලා නැහැ කියලා අපිට වාර්ථා අනුවම පෙන්වා දෙන්න පුලුවන් එකම එක අවස්ථාවක පමණක් දකුණු ප්‍රදේශයේ පමණක් එක් සාමාජිකයෙකු පාතාලයේ සිදුවීමකට සම්බන්ධවෙලා තියනවා එච්චරයි.

‘ඒ වගෙම තමයි අපිට බැහැ තවත් අයෙකුගේ මනස සම්පූරණයෙන්ම හදන්න දැන් අපි 12190 ක් පුනරුත්තාපනය කලාට 100% ක්ම පුනරුත්තාපනය වුනා කිලයල කියන්න බැහැ ඒක අපි පිළිගතයුතුයි නමුත් මම දන්න විදිහට මේ පිරිසෙන් කිසිම කෙනෙක් මේ වන තුරු නීති විරෝධී දේකට සහභාගී වෙලා නැහැ කියල විශාවශයෙන් කියන්නේ.

මේ වගේ සිදුවීම් දකුණෙත් වෙනවා එහෙම එකේ නැවත් එල්.ටී.ටී.ඊය හිස ඔසවනවා කියලා බොරු ප්‍රචාරය කරනවානම් ඒ අයගේ වෙනම න්‍යායක් ,අරමුණක් තියෙන්න ඕන අපි හිතන්න ඕන මිනිස්සුන්ගේ මනසට බොරු ප්‍රචාර නොදමා නැවත රට ආපස්සට නොයන්න කටයුතු කරන්න ඕන,

තවත් පුනරුත්තාපනය නොවූ පිරිස් අපේ සමාජයේ ඉන්න පුලුවන් නමුත් දැන් යුද්දෙ ඉවර වෙලා වසර 08 ක් වෙනවා මේ අය මේ සමාජයේ ඉඳලා නිකම්ම පුනරුත්තාපනය වෙලා ඉන්නේ මේ සංවර්ධනය දැකලා මිනිසුන්ගේ වෙනස්වීම් දැකලා ඒ අයට ප්‍රචණඩකාරී නොවී ඉබෙම් යහපත් වෙන්න පුලුවන් කියලයි මම හිතන්නේ’ යනුවෙනි.

මෙම අවස්ථාවට තවද පස්චාත් පුනරුත්තාපන ප්‍රතිශ්ඨාධාර ශාඛාවේ අධ්‍යක්ෂක කර්නල් අසාද් ඉසදීන් මහතා, වව්නියාව පුනරුත්තාපන සම්බන්ධීකරන කාර්යාලයේ අධ්‍යක්ෂක කර්නල් එම්.ඒ.ආර්.හැමිඩෝන් මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

77 views

8 Comments to “කිසිම ප්‍රචණ්ඩකාරි සිදුවීමකට පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයන් සම්බන්ධ නෑ..”

  1. SALMAL says:

    Never trust LTTE Tamil Terrorists …..Once A Terrorist, Always A Terrorist
    Sri Lankan government should take note of both the Sri Lankan and the International opinion. Do Not Trust The Tiger!

  2. JOY says:

    Why praised these terrorists? They already killed more than 90.000 innocent people in our Country ..
    They should be punished
    Problem in Sri Lanka is not an ethnic conflict but a terrorist problem. …. Sri Lankans can never trust inhuman Tamil Tigers or racist Tamil politicians ( TNA ) in North

  3. chatu says:

    koti samajikain kisima trasthawadi kriyawakata sambandha netha.
    haa petawunta koti peataw bedaa dena uthsawayakadi rathnayaka mahatha pawasai.

  4. gamarala says:

    යාපනේ කොටි නායකයා සමරන වෙලාවේදී මෙයා නිදිලු

  5. සම්මුතිවාදය says:

    අනේ බන් මිට අවුරුදු 30 කැ කලින් හිටිය සේවලයෝ මෙහෙම් කිව්වා. අන්තිමට මැදවච්චි යන්න උනේ අහිංසක සිංහල කොල්ලොන්ට.ආයෙම එහෙම කලොත් හෙන ගහනවා කැකි ජංගිය ඇතුලටම.

  6. sira says:

    ඔහොම කියන්න කියල කවුද කිව්වෙ???

Main News