කිසිම රටක් ලංකාවට ණයට තෙල් දෙන්නෑ.. අත්පිට මුදලට දෙන්නත් අදිමදි කරනවා.. තිබෙන තෙල් ප්‍රවේශම් කරගන්න..- අගමැති
June 22, 2022 at 10:02 pm | lanka C news
ලෝකයේ කිසිම ආයතනක් අද වන විට ශ්‍රී ලංකාවට ණයට ඉන්ධන ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
අත්පිට මුදලට පවා ඉන්ධන ලබා දීමට පසු බාමින් සිටින බව හෙතෙම පැවසීය.
ඊට හේතු වී ඇත්තේ තෙල් සංස්ථාව දැනටමත් ඩොලර් මිලියන 700 ඉන්ධන ණයත් පැවැතීම බවත් පැවසූ ඔහු දැනට ශ්‍රී ලංකාවට ඉන්ධන සඳහා ඩොලර් මිලියන 550ක් අවශ්‍ය මාසිකව වැය වන බවත් එම මුදල සම්පාදනය කර ගැනීමට අපහසු තත්ත්වයක් ඇති වී තිබෙන බවත් කියා සිටියි.
එනිසා පවතින ඉන්ධන ගැටලුව සම්පූර්ණ විසඳීමට තවත් ටික කාලයක් ගතවනු ඇතැයි ද පවසන ඔහු ඉන්ධන ඉතාම අර පරිස්සමෙන් භාවිතා කරන්නැයිද ජනතාවගෙන් ඉල්ලා සිටී.
දැනට ශ්‍රී ලංකාවට ඉතිරි වී ඇති එකම ආරක්ෂිත මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම බවත් ඉන්දියාවටද දිගින් දිගටම ශ්‍රී ලංකාවට ණය ලබාදීමට හැකියාවක් නැති බවද හෙතෙම පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුව අමතමිනි.
Tho mokatada puka denna awe pakaya
තොපි හොරා කාපු නිසයි මේ හැම ප්‍රශ්නයක්ම. දැන්වත් මේක දාලා පලයවු පවු නොදී
ලංකාවට නෙමෙයි රාජපක්ෂලාටයි, වික්රමසිංහටයි තමයි ණයට දෙන්නැතේ. ආණ්ඩු පෙරළියකින් සියල්ල වෙනස් වනු ඇත