කිසිම ලෙඩක් නැති අර්ජුන් ඇලෝෂියස් රෝහල්ගත කිරීමට උත්සාහයක්…
March 4, 2018 at 4:40 pm | lanka C news
රක්ෂිත බන්ධනාගාරගතව සිටින අර්ජුන් ඇලෝෂියස්ට කිසිදු රෝගී තත්ත්වයක් නොතිබෙන බවට බන්ධනාගාරයේ විශේෂඥ වෛද්‍යවරයා නිගමනය කර තිබියදීත් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බන්ධනාගාර වෛද්‍යවරුන් කීපදෙනකු අතරේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
රෝගී තත්ත්වයක් ඇති බවට සඳහන් කර අර්ජුන් ඇලෝෂියස් මීට පෙර බන්ධනාගාර රෝහලට ඇතුළු කර තිබූ නමුත් ඔහු රෝහල් ගත කර ඇත්තේ නීති විරෝධී ආකාරයට බැවින් ස්ථාන භාර වෛද්‍යවරයා ඔහු නැවත වරක් සිරමැදිරියට යවා ඇත.
ඉන්පසුව වෙනත් වෛද්‍යවරයෙක් සිර මැදිරියට ගොස් අර්ජුන් ඇලෝෂියස්ට සේලයින් දී ඔහු රෝහල් ගත කිරීම සඳහා ගිලන් රියක් පවා ගෙන්වා ඇතත් එවරද ස්ථාන භාර වෛද්‍යවරයා ඔහු රෝහල්ගත කිරීමට අනුමැතිය දී නැත. ඊට හේතු වන්නේ ඔහු මනා සෞඛ්‍ය තත්ත්වයේ සිටින බව විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර තිබිමය.
මේ අතරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයකු යනුවෙන් තමන් හඳුන්වා දී ඇති නිලධාරියකු අර්ජුන් ඇලෝෂියස් ජාතික රෝහලට මාරු කරන ලෙස දන්වා ඇතත් ස්ථාන භාර වෛද්‍යවරයා ඊටද එකඟතාව පළකර නැත.
කෙසේ නමුත් අර්ජුන් ඇලෝෂියස්ට නැති රෝග පෙන්වා ඔහු නැවත වරක් කොළඹ ජාතික රෝහල වෙත යැවීමේ කුමන්ත්‍රණයක් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.
මිහිරි ෆොන්සේකා
– lakbima
BaRata una wage
කරන කලට පව් මීරිය මී සේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
ඇඳින එපව් දුරලන උපදේ සේ
නුදුන මැනවි තුන් දොර අවකා සේ
බැසිල් රාජපක්ෂත් රිමාන්ඩ් වෙලා ජාතික රෝහලේ හිටියනමි මූ හිටියම මොකද? දෙන්නම හොරැනෙ. ඌත් හොරා මූත් හොරා. ඌ ඇමරිකන් පුරවැසියා, මූ ශ්‍රීලංකාවෙ පුරවැසියා.
උඹල මාර ජෝක්ස් දාන්නෙ. දැන් නම් ආණ්ඩුවට මිනිස්සුන්ව අන්දන්න අමාරුයි. !!!
මේ ජෝක්ස් වලින් කියන්නෙත් එකයි .හ !! හා!!!!!!
පව්. මෙහෙම වැඩ දෙන්නේ ඇයි. වැරදිකරුවන් එළියේ සුර සැප විදිද්දී ඇයි මේ පොඩි එකෙක් අල්ලන් කුඋරු ගහන්නේ?
බ්‍රෝ ! උඹල මාර ජෝක්ස් දාන්නෙ. දැන් නම් ආණ්ඩුවට මිනිස්සුන්ව අන්දන්න අමාරුයි. !!!
මේ ජෝක්ස් වලින් කියන්නෙත් එකයි .හ !! හා!!!!!!
This is because of the corrupted medical officers in the prisons. These horrible guys definitely bribe. Oh, what a developed country, SL?
අර්ජුන මාම ලන්කාවට එනකන් හෝ ගේනකන් මෙයා සහ ගෝලය රිමාන්ඩ් එකේම තියන්න ඕනෙ…අනෙක තමයි අපෙන් කොල්ල කාපු සියලු මුදල් මෙයාලගෙ බන්කු ගිනුම් සූරල හරි ගන්න ඔනෙ…..එහෙම නැතුව මුන්ව නිකන් එලියට දැම්මට මුන් පාඩමක් ඉගන ගන්නෙ නැ….රටෙ උන් ඉගන ගන්නෙත් නැ….
දේශප්‍රේමී නායකයන් ගේ ලෙඩ මූටත් බෝවෙලා වගේ.
saangika depolakk wani maha bankuwa kadapu saapeta ledawela………