කිසිවෙකු නොදුටු ඉන්ධන මිල සුත‍්‍රය රාජිත දකී.. තමන් දුටු බවත් එය සරල සුත‍්‍රයක් බවත් කියයි..

October 4, 2018 at 6:26 am | lanka C news
කිසිවෙකු නොදුටු ඉන්ධන මිල සුත‍්‍රය රාජිත දකී.. තමන් දුටු බවත් එය සරල සුත‍්‍රයක් බවත් කියයි..

ඉන්ධන මිල සූත්‍රය මීලග කැබිනට් මාධ්‍ය හමුවේදී හෝ ප්‍රසිද්ධ කරන ලෙස කැපිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් කරන ලද ඉල්ලීමට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා එකඟතාවය පළ කළේය.

කැබිනට් මණ්ඩලය එම මිල සූත්‍රය දුටු බවත් ඉන්ධන මිල තීරණය වන්නේ ඒ අනුව බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දුන් දිනයේම කැබිනට් මණ්ඩලයට පෙන්වූ බවත් එය ඉතා සරල සූත්‍රයක් බවත් ඇමතිවරයා එහිදී පැවසීය.

කෙසේ වෙතත් මෙම ඉන්දන මිල සුත‍්‍රය දුටු බවත් කිසිම කැබිනට් ඇමතිවරයෙක් සදහන් කර නැත. ජනාධිපතිවරයා හෝ විෂය බාර මුදල් ඇමතිවරයාද එය දුටු බවත් පවසා නැත.

171 views
Main News