කිසි ජගතෙකුට පෙරලන්න බෑ.. මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව තවත් වසර ගණනාවක් කරගෙන යනවා..

August 19, 2017 at 4:40 pm | lanka C news
කිසි ජගතෙකුට පෙරලන්න බෑ.. මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව තවත් වසර ගණනාවක් කරගෙන යනවා..

රටේ ජනතාවගේ  මුදල් මංකොල්ල කැ පිරිස් හට නිතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත් ඒකාබද්ධ නඩය විසින් ආණ්ඩු තැනිමට සිහින දකින බවත් ඒවා දවල් සිහින පමණක් බව  කෘෂීකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මාතලේ වාසලකොට්ටේදි පැවසිය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ වාසලකෝට්ටේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේදි පැවති ගොවි හමුවකදිය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා කියා සිටියේ, ‘ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ව මේ ආණ්ඩුව තව වසර ගණාන්වක් කරගෙන යන බවත් අද කැගැහන ඒකාබද්ද විපක්ෂයේ දෙවරක් ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිස් හට යළි කිසි දිනක මේ රටේ ජනතාව බලයට පත් නොකරන බවද පැවසිය.සමහර උදවිය මේ ආණ්ඩුවේ ගමන කඩා කප්පල් කිරිමට යනවා.මෙවර අය වැයයෙන් ජනතාවට සහන ලැබෙන අය වැයක් එන්නේ.මේ රටේ අනාගතය බාර ගන්න දරුවන්ට මේ ණය කන්දරාව උරුම කරන්න බැහැ.රටේ ජනතාව බලය දි තිබෙන්නේ මේ යහපාලන ආණ්ඩුව කරගෙන යන්නයි.පසුගිය රජය විසින් අපට උරුම කරපු සයිටම්, උමා ඔය, කුණු කදු නිසා මෙ ්රජය අපහසුතාවයන්ට පත් වුණා.නමුත් ඒවා අපි අභියෝග ලෙස බාර ගෙන අපි සාධාරණ ලෙස විසදිමට මේ වන විටත් කටයුතු කරමින් පවතනවා.එදා රාජපක්ෂ ආණ්ඩුව විසින් මේ රටේ භූමිය විදේශීකයින්ට බන්දේසියෙ ්තියලා දුන්නේ එතකොට  ඒකාබද්ධ විපක්ෂෙයේ පිරිස් තිත්ත බෙහෙත් බිව්ව ගොලුවෝ වගේ සිටියා.මුකුත් කතා කළේ නැහැ.කතා කළානම් වෙන දේ ඒ පිරිස්ම දන්නවා.අද ජනතාව කෙරෙහි මහා කරුණාව පහලවෙලා වගේ කතා කරනවා.අපි කිසිම දුෂණයකට ඉඩ තියන්නේ නැහැ.ඒ පිළිබදව අපේ පක්ෂෆය් නායක අගමැතිතුමා පැහැදිලිව කිව්වා.මේ රටේ බදු ගෙවන ජනතාවගේ සල්ලි එක්ක සෙල්ලම් කිරිමට කිසිම අයෙකුට බැහැ.අපි මේ මුදල් නිසි කළමණාකරයකින් යුතුව ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ලෙස දිය යුතුයි.මේ සංවර්ධනය සදහා විශාල මුදල් ප්‍රමාණයක් අපි යොදා තියනවා.ඒ පිළිබදව කිසි කෙනෙක් කතා කරන්්නේ නැහැ.ඒ නිසා මේ රජය පෙරලන්න කිහිස ජගතෛකුට බැරි බවද අලුවිහාරේ මහතා අවධාර්‍ය කළේය.

මෙම අවස්ථාවට මාතලේ සහකාර ගොවිජන සේවා කොමසාරිස් පි.ජි සෝමරත්න,කෘෂිකර්ම පරේයෂණ නිෂ්පාදන සහකාර නිලධෘරින් ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් එක්වි සිටියහ.

– මහේෂ් කිර්තිරත්න

81 views