කිසි මැති ඇමතිකමක් නොදරන කොලඹ හාදයාටත් පොලිස් ආරක්ෂාව.. මරික්කාර් කිපේ..
March 9, 2017 at 4:40 pm | lanka C news
අවිස්සාවේල්ල ආසනයේ ශ්රීලනිප සංවිධායක කොටිකාවත්ත ප්රාදේශීය සභාවේ හිටපු සභාපති ප්රසන්න සෝලංගආරච්චිට පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ ආරක්ෂාව ලබා දී ඇත්තේ කුමන පදනමකින්දැයි පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී ඇමති සාගල රත්නායක මහතාගෙන් විමසා සිටියේය.
ශ්රීලනිප ආසන සංවිධායකයෙක් වූ පමණින් ඔහුට පොලිස් ආරක්ෂාව හිමිවන්නේ කෙසේදැයි විමසූ මන්ත්රීවරයා මරණ තර්ජන ඇති පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් වූ තමනටද ලැබී ඇත්තේ ඊට අඩු ආරක්ෂාවක් යයිද කීය.
ඊට පිලිතුරු ලෙස ඇමතිවරයා කියා සිටියේ තමන් ඒ ගැන නොදැනුවත් බවත් සොයා බලා පිලිතුරක් දෙන බවත්ය.