කීරි සම්බා අදම වෙලදපලේ.. කිලෝව 210යි..

September 29, 2021 at 12:00 pm | lanka C news
කීරි සම්බා අදම වෙලදපලේ.. කිලෝව 210යි..

පසුගිය දෙසතියක කාලයක සිට අලුත්ගම ප්‍රදේශයේ සාමාන්‍ය වෙළඳ සැල් වල සහල් පාලන මිලටඅලෙවි කිරීමට නො තිබූ අතර එහෙත් සහල් පාලන මිලෙහි ගැසට් නිවේදනය අවලංගු කර පැය කිහිපයක් ගත වීමත් සමග කීරි සම්බා සහල් දර්ගා නගරය ප්‍රදේශයේ අලෙවි කිරීමට තිබූ බව පාරිභෝගික ජනතාව කියති.

මේ පිළිබඳව කළ සොයා බැලීමේදී දැකගත හැකි වූයේ එම සහල් අලෙවි කරන්නේ එහි සඳහන් මිලට බවයි .

කිලෝග්රෑම් 5ක මෙම සහල් බෑග් නිෂ්පාදනය කර ඇත්තේ මේ වසරේ අගෝස්තු මාසයේදී බවත් කල්ඉකුත් වන්නේ ඔක්තෝම්බර් මාසයේ බව සඳහන්ය.

ප්‍රසිද්ධ සමාගමක වෙළඳ නාම යටතේ නිෂ්පාදිත කීරි සම්බා සහල් කිලෝග්රෑම් 5 රුපියල් 1050කට අලෙවි කිරීමට නියමිතව ඇත.

– අලුත්ගම තුසිතද සිල්වා

45,796 views

13 Comments to “කීරි සම්බා අදම වෙලදපලේ.. කිලෝව 210යි..”

  1. Sumudu says:

    keells

  2. ඇයි රජයකට බැරි මහා පරිමාණ වී මෝල් හදන්න says:

    මාෆියා කිය කිය හැමදාම මේ සෙල්ලම කර කර ඉදලා වැඩක් නැහැ. ඇයි රජයකට බැරි මහා පරිමාණ වී මෝල් හදන්න. ඒක වෙනුවෙන් ආයෝජනය කරන්න. වෙනම ආයතනයක් පිහිටුවලා හරි සහල් නිෂ්පාදනය කරන්න? එතකොට ඔය මාෆියවල් මොනොපොලි ඔක්කොම නැතිකරන්න පුළුවන්. රජයක් විදියට ඕව තමයි කරන්න ඕන. නැතුව මෝල් හිමියෝ මට්ටු කරන්න ඩොලර් දීලා හාල් ගේන එක නෙමෙයි. අනේ මන්දා මේවා ගැන හිතන කෙනෙක් කවදා පහල වෙයිද?

    • ගෞම් ඊයාරාජ් says:

      සීයයට දෙසියක් එකගයි , මේ රටේ ප්‍රධාන ආහාරය සහල් , හැම අංශයකටම රජයේන් බලපෑම් එල්ල කරන්න බෑ , එත් රටේ ප්‍රධාන ආහාරය වෙනුවෙන් සාධනීය බලපෑමක් එල්ල කරන්න පුලුවන් රජයට , මේ එකාධිකාරයට තිත තියන්න ඔනේ නම් රජයට දීර්ඝ හා මධ්‍ය කාලීන යොජනා හා තින්දූ තීරණ ගම්නම වෙනවා , කෙටිකාලීනව රටේ ඉන්න කුඩා සහල් මෝල් හිමිකරුවන් වෙත තමන් මිලදී ගත් වීතොග කොටවා , සහනදායි මිලට සතොස හෝ වෙනයම් ඒකකයක් හරහා තොග සහ සිල්ලරට පාරිභොගිකයා සහ වෙලන්දාට අතර බෙදා හරින්න ඔනේ , දීර්ඝකාලීනව , මහපරිමාණයේ සහල් මොලක් හො මෝල් සදහා අයොජනය කර , සහල් නිශ්පාදනයේ වැඩි ප්‍රතිශතය රජය අත්පත් කරගන්න ඔනේ , මේ ක්‍රියාවලියන් හරහා ගොවියා මෙන්ම පාරිභොගිකයා යන දෙපාර්ශවයම ආරක්ශා කරන ගමන් රාජ්‍ය ආදායමද වැඩිකරගත හැක. යොජනාවක් පමණී.

      • Crazy says:

        කලින් හිටපු අය ඒක තමා කළේ ශක්ති කියන හාල් එකක් හදලා ලංකාවේම ඉන්න කුඩා මෝල් හිමියන් එකතු කරගෙන. දැන් බැලුවම ලංකාවම බේරාගන්නවා කියලා ආපු අයගෙන්මයි අපිට වැඩියෙන්ම පරිස්සම් වෙන්න වෙලා තියෙන්නේ.

        • ගෞම් ඊයාරාජ් says:

          ඔව් , ගොං බෛයන්ට ඔව්වා කිව්වට වැඩක් නෑ ශක්ති සහල් සිල්ලර නෙමේ තොග වෙලදාමත් කලා , හාල් සිල්ලරට අලෙවි කරලා විතරක් මදි රජයෙන් නිශ්පාදනය කරලා පැහැදිලි බේදාහැරීමේ යාන්ත්‍රණයක් එක්ක තොග වෙලදාමත් පටං ගන්න ඔනේ , එතකොට තමයි ඩඩ්ලිලට නාස් ලනුව දාන්න පුලුවන් , ඔපන් ඉකොනමිය ඇතුලේ තග දාලා බෑ , සප්ලයි ඩිමාන්ඩ් චේන් එකට යන්න දීලා , තරගකාරීත්වය වැඩි කරන්න ඔනේ , මිල ලස්සනට පාලනය කරන්න පුලුවන් . ගැසට් ගහන කාලේ අපරාදේ.

          • ABN says:

            සහල් ආණ්ඩුව නිශ්පාදනය කරලා වැඩක් නැහැනේ ආණ්ඩුවේ සහතික මිලට ගොවියෝ වී දෙන්නේ නැහැනේ..එතනයි ප්‍රශ්නේ තියෙන්නේ…ආණ්ඩුව හැටට ගන්නවා කියමුකෝ..එතකොට හාල් මෝල් කාරයෝ හැත්තැවට ගන්නවා…එතකොට ගොවියෝ දෙන්නේ හාල් මෝඅල් කාරයන්ට…එතකොට මොකහ කරන්නේ…ආණ්ඩුව වැඩි ලන්සුවකට ගියොත් හාල් මිල ඉබේම වැඩි වෙනවා…

          • ගෞම් ඊයාරාජ් says:

            ගිය ආණ්ඩුව අරගෙන යස අගේට කලේ , හොද බෆර් ස්ටොක් එකක් මේන්ටේන් කලේ ? ගොවියගේ වී ටීක ගන්න හොද ටීම් එකක් ඕනේ , ඒකට තමයි කිව්වෙ පැහැදිලි ප්‍රතිපත්ටතිමය තීරණ ගන්න ඔනේ කියලා , ඩඩ්ලිට පුලුවන්නං ඇයි ඌට වඩා ප්‍රතිපාදනය වෙන් කරන්න පුලුවන් ආණ්ඩුවට බැරි ? හැබැයි දැනට ඉන්න දේශපාලන පත්වීම් ලද PMB ගොබ්බයො දාලනං බෑ , රු 20000/= මාස පඩියට ගන්න පුලුවන් පොඩි කොල්ලො ටිකක් ඊට වඩා ගේමක් දෙන්න පුලුවන් .

    • baමුනා says:

      මෙහෙම හිතුන හිතුන දෙවල් කියලා කරලා රට දියුනු කරන්න බැ. වැඩ සටනක් හදලා ටාර්ගට් සෙට් කරලා පියවරෙන් පියවර කරන්න ඔනි. .. වැඩ බැරි ෆේල් බූරුවන් මේක අවුරුදු 71ක් කෑවා..

  3. SL says:

    මුන් ඔක්කොම යාලුවො මල්ලී.

  4. සමන්ත says:

    ඉස්සර වේයන්ගොඩ ලොකු හාල් ගබඩාවක් තිිබ්බා පස්සේ ඒක වහලා ආර්ථික මධ්‍යස්ථානයක් කලා. අපේ ගොං පාලකයින් කල්පනා කලේ නෑ හාල් ලංකාවේ ප්‍රධානම ආහාරය බව. ඉතිං අන්තිමට හැම දේම පෞද්ගලික හාල් මෝල් වලටම ගියා. දැන් පිස්සු නටනවා

  5. මේවාගෙන් හොද පාඩම් ඉගෙන ගන්න ඕනි. රජය මෝල් පටන් ගන්න ඕනේ. අද බැරි උනත් අනාගතය ගැන හිතලා අනිවාර්යෙන්ම කරන්න ඕනේ. මේ මෝල් කාරයෝ සාමාන්ය දුප්පත් මිනිහාගේ රීරී මාංශෙ උරාගෙන කන අය. ස්වභාව ධර්මය මුන්ට දඩුවම් දේවි.

  6. සහල් නාට්‍ය පෙන්නලා p c r අන්ටිජන් කට්ටල වලින් මහා පරිමාන මංකොල්ලයක් හොදටම කරා