කුකුල් කොටුවේ කසිප්පු නිෂ්පාදනයක්…
February 10, 2022 at 8:02 am | lanka C news
යාපනය කොඩිකාමම් පොලිස් වසමට අයත් සුලිපුරම්, කාට්ටුපුලම් ප්රදේශයේ පදිංචි ඉඩමක නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනය කරමින් සිටි අයෙකු අත්අඩංගුවට ගත් බවට යුදහමුදාව පවසයි.
යාපනය යුදහමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් කාට්ටුපුලම් ප්රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී නිවසට යාබදව පිහිටි කුකුල් කොටුවක රහිසිගතව පවත්වාගෙන ගිය මෙම නීතිවිරෝධී මත්පැන් තොගයක් හමුවි ඇත.
එහිදී නීතිවිරෝධී මත්පැන් මිලිලීටර් 32 ක්ද සමගින් නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනය කිරීම සඳහා යොදාගත් උපකරණ තොගයක්ද සමගින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු කාට්ටුපුලම් ප්රදේශයේම පදිංචි 32 හැවිරිදි අයෙකු වන අතර ඔහු සමග මත්පැන් නිශ්පාදනය කිරීම සඳහා යොදාගත් උපකරණ තොගය සමගින් වඩුක්කොඩ්ඩෙයි පොලීසියට භාරදීමට යුදහමුදා නිලධාරීන් පියවර ගත් අතර සැකකරු මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මෙම 32 හැවිරිදි පුද්ගලයා මිලි ලීටර් 32 සමගින් තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. බෝතලයක් කියන්නේ මිලි ලීටර් 750. එකියන්නේ මිලි ලීටර් 32 කියන්නේ කෝප්ප අරික්කාලකටත් අඩුයි. එක හින්ද කස්සිපු ටිකට නඩුවැටෙන එකක් නැහැ හැබැයි උපකරණ වලට නඩු වැටෙයි.
මිලි ලීටර් 32 = තේ හැඳි 6.4
පොලීසිය එද්දි මිලි ලීටර් 32 ක ඌට බොන්න තිබ්බනේ 😂