කුකුල් මස් 900 සීමාවේ.. බිත්තර 27 සීමාවේ…

December 9, 2021 at 8:02 am | lanka C news
කුකුල් මස් 900 සීමාවේ.. බිත්තර 27 සීමාවේ…

බිත්තර හා කුකුල් මස් මිලද මේ වන විට දැඩි ලෙස ඉහල යාමත් සමග ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්ව ජනතාව පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ සුදු බිත්තරය මිල රුපියල් 24ත් 26ත් හා රතු බිත්තරයක මිල රුපියල් 25ත් 27ත් දක්වා ඉහල ගොස් ඇති බවත්ය.

එමෙන්ම කුකුල් මස් ක්‍රිලෝවද මේ වන විට රුපියල් 800ත් 900ත් අතර මිලකට අලෙවි වන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන බිත්තර හා කුකුල් මස් වෙලදුන් පවසන ලද්දේ මෙම දිනවල කුකුල් මස් හා බිත්තර තොග මිල ගනන් ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

මිල ගනන් ඉහල යාමත් සමග බිත්තර හා කුකුල් මස් අලෙවියද දැඩි ලෙස පහල බැස ඇති බවත් එම තත්වයන් මත පාරිභෝගිකයන් මෙන් තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම වෙලදුන් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා

18,623 views

11 Comments to “කුකුල් මස් 900 සීමාවේ.. බිත්තර 27 සීමාවේ…”

  1. anura kumara says:

    api nam vegitarian oya prasna ne – monatada sathu maran kanne

  2. Jayashantha says:

    මේ ඔක්කොමට හේතුව සල්ලි අච්චු ගැසීම

    පොහොර නැතිව කුකුල් කෑම මිල ඉහල ගිහින් කලින් Rs 120/ තිබුණු 1kg සිල්ලර මිල Rs 150.00
    25%වැඩිය්
    January වෙද්දි 180.00 වෙය්
    සව්බාගේ සව්බාගේ

  3. Kalu says:

    උදේ පාන්දර උබලගේ කාලකන්නි පුවත්ති කියෙවිවම මුලු දවසම මුසල වෙනවා.තු නොදකින්

  4. සවාධීන says:

    කුකුල් මස් සහ බිත්තර මිල නම්, ඒවායින් ටික දවසකට ඈත් වී සිටීමයි කල යුත්තේ. ඵතකොට ඒවා වෙලදපොල් ගොඩ ගැසී, ඉබේටම ලාභ වෙනවා. මේ මාපියාවට උත්තරය ඒකයි.

  5. Kasun Perera says:

    රට විනාස කරන උන් පෙනි පෙනිම කතිරෙ ගහලා උන්ව පාර්ලිමේන්තු යවලා උන් මේක කෙලවන කොට…මහජනතාවට හරි දුෂ්කරයිලු..අපෙ මී හරක්‍ට තව මදි දුෂ්කර උනා…..හැත්ත

  6. Silva says:

    බිත්තර මිල අඩු කරනු. කුකුල්මස් මිල අඩු කරනු. ජවිපේ උද්ඝෝෂනය ලෑස්තියි.

  7. අතේ සතේ නැතත් අපි කෑවේ කුකුල් මස්. වහැම මිල අඩු කරනු. ජෙප්පො උද්ඝෝෂනයකට සැරසේ.

  8. Norata Eka says:

    ඉතාම සතුටුදායක ආරංචියක් …සියළුම ආකාරයේ සත්ව නිශ්පාදන වල මිල දරාගත නොහැකි මට්ටමට ඉහල යා යුතුයි…

  9. wijesena says:

    hamadaamath mila niyama karanne paariboogikain….KALU KADA
    mudalalilata puluwan gaana ussanna.. eeth ganne paariboogikain… 😜

Main News