කුකුළු මස් විස වී සිසු සිසුවියන් 70ක් රෝහලේ…

October 23, 2018 at 4:40 pm | lanka C news
කුකුළු මස් විස වී සිසු සිසුවියන් 70ක් රෝහලේ…

හැටන් පතන ශ්‍රි පාද විද්‍යාපිඨයේ අධ්‍යාපනය ලබන  සිසු සිසුවියන් 70 දෙනෙකු පමණ ආහාර විස විමක් හේතුවෙන් කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව කොටගල ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය  නිලධාරි වෛද්‍යය සවිත්‍රි ශර්මා මහත්මිය පැවසුවාය.

ඊයේ (22) කුකුල් මස් ව්‍යංජයක් සමග බත් ආහාරයට ගත් බවත් අද (23) උදැසන සිට එම ළමුන්ගෙන් පාචනය , ක්ලාන්තය , වමනය යන රෝග ලක්ෂණ ඇතිවරෝහලට ඇතුලත් කර ඇති බවයි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරින්ය පැවසුවේය.

රෝහල් ගත කල සිසුන් අතර සිසුවියන් 58 දෙනෙකු සහ සිසුන් 12 දෙනෙකු සිටන බවයි වෛද්‍යවරිය කියා සිටියේය.

එම විද්‍යාපිඨය තුල තවත්  පිරිසක් රෝහල් ගත කිරිමට ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍යය අධිකාරි එම්.ගනේෂ් මහතා කිය සිටියාය.

– හැටන් රංජිත් රාජපක්ෂ

19 views
Main News