කුඩා ජෙනරේටර් අලෙවි වාර්තා බිදිමින් පෙරට.. අගමැතිත් ජෙනරේටර් ප්රවර්ධනයේ…
March 31, 2019 at 3:00 pm | lanka C news
කුඩා විදුලි උත්පාදක මෑත කාලයේදී මෙරට වෙදලපල තුල වේගයෙන්ම අලෙවි වන අයිතමයක් බවට පත්ව ඇති බව වෙලද පල විශ්ලේෂකයෝ කියති.
පැය ගණනක් සිදු කරන විදුලි කප්පාදුව හේතුවේන ජනතාව විදුලි ජනන යන්ත්ර මිලට ගැනීමට පෙළඹී ඇති අතර වෙලෙන්දන්ද රූපවාහිනි, පුවත්පත්, අන්තර්ජාලය ඔස්සේ ආකාර්ෂනීය ලෙස දැන්වීම් පල කරමින් ගණුදෙනුකරුවන් කැදවමින් සිටිති.
තමන්ගේ විදුලිය තමන්ම උපදවා ගැනීම පවතින විදුලි අර්බුයදයට විසදුමක් ලෙස අගමැතිවරයාද අගමැති මන්දිරයේ විදුලිය ජාතික පද්ධතියෙන් නොගෙන උත්පාදක යන්ත්ර මගින් ලබා ගන්නා බව පැවසීමද මීට හේතුවක් වී ඇතැයි විශ්ලේෂකයෝ කියති.