කුඩා දරුවන්ට වැළඳෙන වයිරසයක් සීඝ‍්‍රයෙන් පැතිරේ..

June 22, 2019 at 8:02 am | lanka C news
කුඩා දරුවන්ට වැළඳෙන වයිරසයක් සීඝ‍්‍රයෙන් පැතිරේ..

කුඩා දරුවන්ට උනත් සමග කුඩා වතුර බිබිලි සහිතව වැළඳී පසුව එම වතුර බිබිලි පුපුරා ගොස් තුවාල වීමේ වයිරසයක් මේ දිනවල උතුරේ ප්‍රදේශ කිහිපයකින් වාර්ථා වීම හේතුවෙන් ඒ පිළිබඳව දෙමාපියන්  සැලකිලිමත් වෙන්නැයි  සෞඛ්‍ය නිලධාරීන් විසින් දැනුවත් කොට ඇත.

අදාල වයිරසය වැළඳී ලවතින කාලය එක් එක් දරුවාගේ ප්‍රතිශක්තිකරනය වන අතර එම කාලය සතියේ සිට මාසයක් පමණ විය හැකි බැවින් හැකි පමණින් රෝගය වැළඳී ඇති දරුවන්ගෙන් අනෙක් දරුවන් වෙන් කොට තබාගන්නා ලෙසටද සෞඛ්‍ය නිලධාරීන් පවසති.

මෙම වයිරසය වැළඳීමෙන් පසුව බොහෝ විට දරුවන්ගේ අතේ අල්ලෙහි මෙන්ම පිටතද කකුලේ යටිපතුල්හි සහ ශරීරයේ තැනින් තැන රතුපාට බිබිලි මෙන්ම වතුරු බිබිලි ලෙසින් දක්නට ඇති අතරම කුඩා දරුවන්ට එය මහත් වේදනාකාරී හෙයින් උණරෝගයද දින ගණනක් යන තුරු පවතින බවටද මෙම වයිරසය අවුරුද්දකටත් අඩු දරුවන්ටත් වැළඳි ඇති බවට වයිරසය වැළඳුනු කුඩා දරුවන්ගේ මව්පියන් පවසති.

මෙම රෝගය පැපොල රෝගයට සමාන බවද නමුත් එතරම් බිය විය යුතු නැතත් කුඩා දරුවන්ට මෙම රෝගය වැළඳී ඇත්නම් කුඩා දරුවන් එලිමහනේ තැබීමෙන් වලකින ලෙසටත් පෙරපාසල් මෙන්ම පාසල් නොයවා දරුවන් නිවසේ තබා ආරක්ෂා කරගන්නා ලෙසටද උතුරේ සෞඛ්‍ය නිලධාරීන් දෙමාපියන්ගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටිති.

16,057 Viewers

2 Comments to “කුඩා දරුවන්ට වැළඳෙන වයිරසයක් සීඝ‍්‍රයෙන් පැතිරේ..”

  1. Podi ekaa says:

    මෙම රෝගය සබරගමුව පලාතේ ද කොලඹ ද වෙනත් දිස්ත්‍රික්ක වලද ඇත. උතුරට පමණැක් සීමා වූ රෝගයක් නොවේ. Hand foot and mouth disease (HFMD).

  2. sanidu sooriarachchi says:

    Reported in Colombo pre schools. First sign is fever or high fever.

Main News