කුඩා දරුවන් තිදෙනා ගෙදර දමා මව පැනයයි… දරුවන් පොලීසියට ගෙන එයි..
March 24, 2019 at 8:02 am | lanka C news
වව්නියාව අවරන්තුලව හැලඹවැව ප්රදේශයේ නිවසක කුඩා දරුවන් තිදෙනෙකු නිවසේ අතරමං කොට මව පලා ගොස් සිටියදී දරුවන් තිදෙනා පොලීසියට රැගෙන ආ බවට වව්නියාව උළුක්කුලම් පොලීසිය පවසයි.
දරුවන් තිදෙනාට එක් දරුවෙකුට මාස 11ක් වන අතර අනෙක් දරුවන්ට අවුරුදු 05 ක් සහ අවුරුදු 14 ක් වන අතර දරුවන් තිදෙනා නිවසේ තනිකොට අදාල මව මේ වන විට අතුරුදහන් වී ඇති අතර මේ බව උළුක්කුලම් පොලීසියට තොරතුරු අනාවරනය වීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් අදාල නිවසට ගොස් දරුවන් තිදෙනා රැගෙන වව්නියාව පොලිස් ළමා හා කාන්තා කාර්යන්සය වෙතට ඊයේ (22) දින රැගෙන විත් ඇත.
අනතුරුව ළමා හා කාන්තා කාර්යන්සය විසින් ළමුන් වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වව්නියාව මහෙස්ත්රාත් නෂ්මීන් ෆවුසර් මහත්මිය විසින් අදාල සැකකාර මව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිස් නිලධාරීන් නියොග කොට සිටි අතරම දරුවන් තිදෙනා ළමාරක්ෂණ අධිකාරිය භාරයේ ඇති පරිවාස හා ළමා නිවාසයක රැකවරනයට යොමු කරවන ලෙසටද නියෝග කොට සිටියාය.
අදාල සැකකාර මව මේ වන විට අතුරුදහන් වුවද ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවටද පරික්ෂණ සිදුකර උළුක්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ