කුඩා වැවිලිබෝග සදහා ඉක්මනින්ම පොහොර දෙනවා..

October 24, 2021 at 8:40 am | lanka C news
කුඩා වැවිලිබෝග සදහා ඉක්මනින්ම පොහොර දෙනවා..

මගේ අමාත්‍යාංශය යටතේ තියෙන කුඩා වැවිලිභෝග ගොඩක් ඒවා කාබනික පොහොර වලින් කරන්න පුලුවන්. අපි බලාපොරොත්තු වෙනවා මේ කාබනික වගාව ප්‍රචලිත කරන්නත් ගොවියට අවශ්‍ය කරන සහන ලබල දීල ඒ  මේ කට හුරු කරනනත්. මගේ අමාත්‍යංශය යටතේ තියෙන්නේ බඩ ඉරිගු වගාව මේ සම්බන්ධයෙන් ජනාධිපති තුමාත් සමග අපි පොහොර ලේකම් කකාර්යාල එකතුවෙලා කතා කලා ඒ හොහොතේ ජනාධිපතිතුමා කිව්වේ බඩ ඉරිගු වගා කරන ගොවියාට අවහ්‍ය කරන පොහොර වර්ගය ලබල දෙන්න කියල. බඩ ඉරිගු හෙට්ටයාර් ලක්ෂයක් වගා කරන්න අපි උපරිම උත්සාහයක් ගන්නවා. අපි හෙට්ටයාර් හැත්තෑ දහසක් පමණයි වගා කරන්න හිටියේ. ජනාධිපතිතුමා කිව්වේ ඒ අයට පොහොර සහනාධාරයක් වශයෙන් හරි ලබල දීල ඒ අය දිරිමත් කරන්න කියල ඒ අනවයි අපි හෙට්ටයාර් ලක්ෂයක් වගා කරන්න සුදානම් කරල තියෙන්නේ. අපි ඉතා ඉක්මනින් කුඩා වැවිලිබෝග හිමියන්ට පොහොර ලබාදෙන වැඩ පිළිවෙල ක්‍රියාවට නංවනවා.

යයි කුඩා වැවිලිභෝග ආශ්‍රීත අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.  රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටිය හා කොළොන්න යන ප්‍රදේශ වල ගෙවතු වගා වැඩ සටහන යටතේ කුරුදු පැල බෙදා දීමේ වැඩ සටහනට එක්වෙමිනි. මෙම වැඩසටහන යටතේ ගෙවතු වගාවන් සදහා ඉල්ලුම් කරන සෑම නිවසකටම කුරුදු පැල ලබා දීම සිදු කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ,

කරුදු සදහා අවශ්‍ය කැරන පොහොර වර්ගයම ලබාගන්න අපි සාකච්ඡා කලා. ඒ අනුව අපි එකගතාවය පල කලා ඒ පොහොර ජනතාවට ලබාදෙන්න. ගම්මිරිස් ගොවීන් නම් වැඩිය පොහොර භාවිතා කරන්නේ නැහැ. ඒත් ඒ ගොවීන් සදහා අවශ්‍ය ප්‍රමාණයට අපි පොහොර ලබාදෙනව. ගහකට අවශ්‍ය පොහොර වර්ගය ‍කුමක්ද කියන එක බලල ඒ අවශය පොහොර වර්ගයම දෙන්න ඕන.

දැන් නැනෝ නයිට්රජන් පොහොර පාවිච්චි කරන්නෙවත් නැතිව තමයි ප්‍රතික්ෂේප කරන්නේ. මේක පාවිච්චි කරල බලන්නේ. ගසකට අවශ්‍ය හරියාකාර ලොහොර ප්‍රමාණය කුමකින් හෝ හරියට ලැබෙනවනම් ඒ කයි වෙන්න ඕන. නිකම් හොහොර කියල ගෙනත් දෙන්නේ නැහැ. ඒවා තාක්ෂණය අනුව බලල තමයි ගෙනත් දෙන්නේ.

2002 දී එවකට තිබුන ආන්ඩුව අපේ රටේ තිබුණ ඉන්දන පෙරවුම් හල් වලින් තුනෙන් එකක් ඉන්දියාවට විකුණුවා. ඒ විකුණපු එකේ ප්‍රතිපලයක් විදියට ඒ අයට ඕන විදියට තෙල් මිල වැඩි කරනවා. අද ලෝකයේ හැම තැනම හැම දේම වැඩිවෙලා තියෙනවා. අපේ රටේ නිෂ්පාදනය වන දේ අපිට අඩුවෙන් දෙන්න පුලුවන් උනාට පිටරටින් ගේන හැම දේටම සහනාධාර දෙනව කියන්නේ ඒකත් මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් තමයි ගෙවන්න වෙන්නේ යයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් කීය.

– ප්‍රගීත් ජනක

7,323 views

One Comment to “කුඩා වැවිලිබෝග සදහා ඉක්මනින්ම පොහොර දෙනවා..”

  1. saman says:

    සමහරුන්ට දැන් පොහොර ඔනේ නෑ පැල ඔක්කොම මැරිලා, උබලා සෙට් එක තමයි හරියටම කලේ.

Main News