කුඩුකාරයෙක්දැයි බලන්න සුසිල්ගේ රුධිර පරීක්‍ෂාවක්…

February 20, 2019 at 10:40 am | lanka C news
කුඩුකාරයෙක්දැයි බලන්න සුසිල්ගේ රුධිර පරීක්‍ෂාවක්…

තමන් මත්කුඩු භාවිත කර නැති පන ඔප්පු කිරීම සදහා ඔ්නෑම රුධිර පරීක්‍ෂණයක් සදහා තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

තමන් සේම අනෙක් මැති ඇමතිවරුන්ද එම රුධිර පරීක්‍ෂණය සිදු කර කුඩුකාරයන් නොවන බව පෙන්වීමට හැකියාවක් ඇති බවද ඔහු සදහන් කලේය.

විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

ආණ්ඩුව ගන්නා තීරණ දෙස බලද්දී ඒවා කුඩුකාරයන්ට හැර සාමාන්‍ය පුද්ගලයන්ට ගත නොහැකි ඒවා යයිද ඔහු කීවේය.

110 views