කුඩුකාර ඇමතියන් හෙලි කරන්නැයි රන්ජන්ට බලපෑම්.. කුඩු නොබොන ඇමතිලාගෙනුත් ඉල්ලයි..

February 18, 2019 at 3:00 pm | lanka C news
කුඩුකාර ඇමතියන් හෙලි කරන්නැයි රන්ජන්ට බලපෑම්.. කුඩු නොබොන ඇමතිලාගෙනුත් ඉල්ලයි..

යුක්තියට හඬක් සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මත් කුඩු පානය කරන ඇමතිවරුන් වහාම හෙළිදරව් කොට නීතිය ක්‍රියාත්මක කරන්න…

කුඩු පානය කරන කැබිනට් ඇමතිවරුන් සිටින බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගියදා මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කලේය. ආණ්ඩුවේ වගකිව යුතු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස රන්ජන් රාමනායක මහතා සිදු කල ප්‍රකාශය හුදු හාස්‍යයක් ලෙස බැහැර කල නොහැක. ඵතුමා රංගන ශිල්පියකු ලෙස හාස්‍යය සපයන්නකු වූවත් වගකිව යුතු දේශපාලනඥයකු හා වත්මන් ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස සිදු කල ප්‍රකාශය හාස්‍යයක් හෝ ප්‍රලායක් නොවන බව අපි තරයේ විශ්වාස කරන්නෙමු.

වර්තමානය වන විට කුඩු පානය කරන්නන්ට වඩා මහා පරිමාණයෙන් මත් කුඩු ව්‍යාපාරයේ යෙදෙන්නන්, බෙදා හරින්නන් ඇතුලු ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුවෙමින් සිටී. රටත්, සමාජයත්, අනාගත පරපුරත් වනසන මත් රකුසා පසු පස දේශපාලනඥයන් ඇතුලු උසස් සමාජ තල වල ඇතැම් පුද්ගලයන් සිටින බවට සමාජ මතයක් ගොඩ නැගී ඇත. ඵවැනි පසුබිමක් තුල ආණ්ඩුවේ වගකිවයුතු නියෝජ්‍ය ඇමතිවරයකු සිදු කල ප්‍රකාශය බැහැර කල නොහැක.

රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් මෙන්ම ප්‍රතිපත්ති හා නීති සම්පාදකයන් වන කැබිනට් ඇමතිවරුන් මත් කුඩු පානය කිරීම සත්‍යයක් නම් එය රටටත්, අනාගත පරපුටත් දැවැන්ත ව්‍යවසනයක් බව අපේ පිළිගැනීමයි. ජනාධිපති, අගමැති ඇතුලු තිස් දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයේ මත් කුඩු පානය කරන ඇමතිවරුන් නාමිකව කවුරුන්ද යන්න හෙලිකිරීම රන්ජන් රාමනායක මහතාගේ පරම යුතුකමකි, වගකීමකි. ඔහු එය ඉතා ඉක්මනින් ඉටු කරනු ඇතැයි අප බලා සිටින්නෙමු.

අතිගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි  මත් කුඩු භාවිතා නොකරනවා යැයි අපි විශ්වාස කරන වත්මන් ආණුඩවේ වගකිව යුතු ඇමතිවරුනි, ඔබතුමන්ලාට ඔබ තුමන්ලාගේම නියෝජ්‍ය ඇමතිවරයකු එල්ල කරන බරපතල චෝදනාව පිළිබඳ වහාම ක්‍රියාත්මක විය යුතුය. කුඩු බොන ඇමතිවරු කවුදැයි නිවැරදිව නිශ්චය කොට විනය ක්‍රියාමාර්ග මෙන්ම නීතිමය පියවර ගනු ඇතැයි රටම බලා සිටී. ඵය රට වෙනුවෙන්, අනාගත පරපුර වෙනුවෙන් ඉටු කල යුතු පරම යුතුකමකි, වගකීමකි. කුඩු පානය කරන්නන් මත් කුඩු ජාවාරම්කරුවන් ආරක්ෂා කර ගැනීමට නිරන්තරයෙන් මැදිහත්වනු නොවනුමානය.

වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් කුඩු පානය කරන්නේ නම් ඔවුන් මත් කුඩු ජාවාරම්කරුවන් ආරක්ෂා කොට රැක බලා ගන්නා බවට කිසිසේත්ම බැහැර කල නොහැක. දරුවන් මතට බිලිවීම වලක්වා ගැනීම දෙමව්පියන්ගේ මෙන්ම විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ, විශ්ව විද්‍යල බලධාරීන්ගේ වගකීමක් ලෙස සමාජ ගතව ඇත.

ඵහෙත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක හෙළිදරව්වත් සමඟ කුඩු පානය කරන තම කැබිනට් සගයන්ගෙන් අනාගත පරපුර බේරා ගැනීමේ වගකීම ගරු අධ්‍යපන ඇමතිතුමාටත්, උසස් අධ්‍යපන ඇමතිතුමාටත් පැවරේ. අතිගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි, ගරු කථානායකතුමනි කුඩු පානය කරන මන්ත්‍රීවරු, ඇමතිවරු, රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කරන පරිදි සිටී නම් ඔවුන් රටට හෙළිදරව් කොට නීතිය ක්‍රියාත්මක කිරීම ඔබතුමන්ලාගේ පරම පවිත්‍ර යුතුකමකි, වගකීමකි. එය ඉටු කරන තෙක් අපි බලා සිටිනවා පමණක් නොව එය ඉටු කරලන්නට අපි අති දැවැන්ත සමාජ බලපෑමද ඇති කරලන්නෙමු.

සභාපති
එස්. අමරසේකර

ලේකම්
නීතිඥ ලලිත් පියුම් පෙරේරා

20,501 Viewers

5 Comments to “කුඩුකාර ඇමතියන් හෙලි කරන්නැයි රන්ජන්ට බලපෑම්.. කුඩු නොබොන ඇමතිලාගෙනුත් ඉල්ලයි..”

  1. Saibal says:

    Gonja illagena kanneee…………..

  2. "ඇමතිගෙ-ඩ්‍රයිවර්" says:

    කතාවෙන් හො ක්‍රියාවෙන් මනින්නට මිනිසා
    බැරිය සමහරු කියයි ඇමතිලා ගත් කුඩු නිසා
    දුටු පෙනුමෙ රකුසු මුහුන හොඳටම ඇති නිසා
    මුහුන හෙලි කරයි ඇමතිම කුඩ්ඩෙන් මත් නිසා

  3. මැදමුලනෙ මුත්තා says:

    “යුක්තියට හඬක්” මෙහෙම සංවිධානයක් තිබෙන බවක්වත් අප දන්නේ නෑ. මෙිඅර හිටපු අග්‍රාමාත්‍ය ලේකමි සහ හිටපු තරැණසේවා සභාපතිද? ඒ දෙන්නත් එක වල්ලෙම බඩු තමයි.

  4. Love nature says:

    මිනිසත් බව ලබා ගැනිම කණ කැස්බෑ නෙත විය සිදුරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභ සිදුවිමක් ලෙස අසන්නට ලැබේ. එවන් අගනා දුර්ලභ ලෙස අපට ලැබුණු මිනිස් ජීවිත අකාලයේ වනසා දමන ප්‍රබල උවදුරක් ලෙස අද ලෝකය පුරා විසිරී ඇති මත් ද්‍රව්‍ය උවදුර හැදින්විය හැකිය.

  5. Kadiya says:

    රටේ අගමැති කුඩු කාරයෙක් ගෙදර තියන සියලු දේම විකුණාගෙන කනකොට මේ ආණ්ඩුවට පන්දම් අල්ලන හැම එකාමත් තමුන්ට පුළු පුළුවන් හැමදේම විකුණන්න කැසකවන කොට ආණ්ඩුවේ ඉන්න අනිත් උන් කුඩු ගහන එක අලුතෙන් කියන්නත් දෙයක්ද?

Main News