කුඩුකාර ඇමති පුතුන් 08ක්.. නිතර මදන මෝදක කන මන්ත‍්‍රී රන්ජන් හෙලි කරයි.. ඇමති කුඩ්ඩන් 24 කතානායකට දැන්වූ බවත් කියයි..

February 20, 2019 at 10:00 am | lanka C news
කුඩුකාර ඇමති පුතුන් 08ක්.. නිතර මදන මෝදක කන මන්ත‍්‍රී රන්ජන් හෙලි කරයි.. ඇමති කුඩ්ඩන් 24 කතානායකට දැන්වූ බවත් කියයි..

මත්කුඩු, මත්පෙති, මත්දියර, මත් එන්නත් සහ ස්ටිකර් පාවිච්චි කරන හා මෙරටට ගෙන්වන ඇමති පුත්‍රයන් අටදෙනකු සම්බන්ධයෙන් තමා අද හෙටම කතානායක වරයාට දැනුම් දෙන බව රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

මෙම ඇමති පුතුන් කිහිපදෙනෙකු මීට පෙර දීද ආරක්ෂක අංශ වලට හසු වී ඇති බව කී රාජ්‍ය ඇමතිවරයා එම ඇමති පුතුන් ලයිස්තුව තමා මේ දිනවල සකස් කරමින් සිටින බව ද සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනාගේ ලයිස්තුවක් කතානායකවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනටමත් භාර දී තිබෙන බවත් කතානායකවරයා තමාට දුරකථනයෙන් අමතා ඒ ගැන වැඩිදුරටත් කරුණු විමසූ බවත් රන්ජන් රාමනායක මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ඇමති පුත්‍රයන් සම්බන්ධයෙන් අද හෙටම තමන් විශේෂ හෙළිදරව්ව කරන බවද කී රාජ්‍ය ඇමතිවරයා පරීක්ෂණ කටයුතුවලට බාධා නොවන ලෙස එම හෙළිදරව්ව කරන බවද කීය.

මත්කුඩු, කොකේන් වලට අමතරව ගංජා හා මදනමෝදක පාවිච්චි කරන මැති ඇමතිවරුන් පිරිසක් සිටින බවත් එක්තරා මන්ත්‍රීවරයෙකු ආතතියෙන් මිදීම සඳහා මදනමෝදක නිතර පාවිච්චි කරන බවට විනය කමිටුවකදී පවා පිළිගෙන තිබූ බවත් ඔහු සඳහන් කළේය.

වතුකරය නියෝජනය කරන ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් දෙදෙනකු පසුගිය දා මත් කුඩු භාවිතා කරන බවට එකිනෙකාට චෝදනා කර ගත් බව ද ඔහු පැවැසීය.

මෙම මත්ද්‍රව්‍ය භාවිතා කරන මැති ඇමති සම්බන්ධයෙන් කතානායකවරයා කුමන හෝ තිරණයක් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

186 views
Main News