කුඩුකාර මැති-ඇමති හෙලිදරවුව නිමෙන්න අරින්නැයි කතානායක රන්ජන්ට දන්වයි..

February 22, 2019 at 2:10 pm | lanka C news
කුඩුකාර මැති-ඇමති හෙලිදරවුව නිමෙන්න අරින්නැයි කතානායක රන්ජන්ට දන්වයි..

කොකේන් ඇතුළු මත්ද‍්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් තවත් ප‍්‍රකාශ නොකර ඒ ගැන සාකච්චාව නිමෙන්නට අරින්නැයි කතානායක කරු ජයසුරිය මහතා තමනට පැවසූ බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

මෙම හෙලිදරවුව පාර්ලිමේන්තුවට මෙන්ම රටටද ප‍්‍රශ්ණයක් යයිද කතානායකවරයා පැවසූ බවත් අගෝස්තුවේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල රැස්විමේදී රටට විශාල කිර්තියක් අත්වීමට තිබෙන බවද පැවසූ බවත් රාමනායක මහතා කියයි.

කෙසේ වෙතත් මත්ද‍්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් ගැන තමන් වාචිකව කතානායකවරයාට දැනටමත් දන්වා ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා පැවැසීය.

ඉදිරියේදී මෙම සියළු නම් තොරතුරු සහිතව මාධ්‍යයට හෙලි කරන බවත් ඔහු තව දුරටත් පැවසීය.

35,738 Viewers

5 Comments to “කුඩුකාර මැති-ඇමති හෙලිදරවුව නිමෙන්න අරින්නැයි කතානායක රන්ජන්ට දන්වයි..”

  1. ගරසරප says:

    එජාපයට නායකත්වයක් නැති එකේ පල විපාක තමා මේ.

  2. ගන්ජ බන්ඩා says:

    සිරිකොතේ කතානායකත් කුඩ්ඩන් රකිනවා.

  3. Atula says:

    Another joker looking for publicity with no end result.

  4. David Milli-banda says:

    Gonja, Rani’s mad dog.

  5. Open mind says:

    වීරයෙක් ලෙස පසුගිය කාලයේ සැලකූ ඔහු දැන් කවර කෙනෙකු ලෙස හඳුන්වා දෙමු ද ?

Main News