කුඩු ගැසූ නිලිය අත්අඩංගුවට.. අධිකරණයෙන් සිර දඬුවම් නියම කරයි..

March 7, 2019 at 2:10 pm | lanka C news
කුඩු ගැසූ නිලිය අත්අඩංගුවට.. අධිකරණයෙන් සිර දඬුවම් නියම කරයි..

උඩුනුවර වෙලම්බොඩ පොලිසිය මගින් මත්කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට සහය නිළියකට ගම්පොළ මහෙස්ත‍්‍රාත් ශ‍්‍රිනිත් විජේසේකර මහතා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක සිර දඬුවමක් නියම කොට එය වසර 20 කට අත් හිටුවීය.

මෙම සහය නිළිය සමග ටෙලිනාට්‍ය හා චිත‍්‍රපට පසු තල නිර්මාණකරුවකුද මත් කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇති අතර මොහුටද මහෙස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් නියම කොට ඇත.

උඩුනුවර ගම්හත බඹරදෙනිය ප‍්‍රදේශයේදී පොලිසිය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් දෙදෙනා සමග තවත් කිහිප දෙනකු දර්ශන පසුතල (ලොකේෂන්) සොයා පැමිණි අවස්ථාවේ ඇති වූ සැකයක් මත සිදු කළ පරීක්‍ෂාවේදී දෙදෙනා ළ`ග හෙරොයින් තිබී මෙසේ හසු වී ඇත.

ඉතා ලාබාල වයසේ පසුවන මෙම සහය නිළිය ඇගේ පෙම්වතා නිසා හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ බව පවසා ඇත. ඇය මාස 6 ක් පුරා මෙසේ හෙරොයින් භාවිතයට තදින් ඇබ්බැහි වී ඇති බවද සඳහන් කොට ඇත.

ලොකේෂන් බැලීමට යන දිනවල මෙම පසුතල නිර්මාණකරුවා කොළඹ සිට හෙරොයින් රැගෙන විත් තමාට ලබා දෙන බවද ඇය පොලිසියට පවසා තිබේ.

– divaina

81,207 Viewers

4 Comments to “කුඩු ගැසූ නිලිය අත්අඩංගුවට.. අධිකරණයෙන් සිර දඬුවම් නියම කරයි..”

  1. Hesh says:

    ශා කොහොමද ලන්කාවෙ නූතනත්වය. ගෑනුන්ට කුඩු ගහන්නත් නිදහස තියෙනවා. පෙම්වතා, පෙම්වතියට කුඩු පොවනවා. කවුද කියන්නෙ ලන්කාව පසුගාමී ආසියාතික රටක් කියලා. දැන් මෙක තනි බටහිර රටක්.

    • ජෙපි දර්ශණය (JP Darshana) says:

      කුඩු කියන්නේ ධනපතියන්ගේ පානයක්.
      ඉතියෝපියාවේ මෙන් ධනපතියන් සියල්ල නැති වී පීඩිත පන්තිය පමණක් ඉතුරු වුනු දාට කුඩු උවදුර විසදෙනවා. කුඩු උවදුර සදහටම දුරුකරන්න පුළුවන් අපේ දර්ශනයෙන් පමණයි.

      -පීඩිත පන්තිය වැඩි වේවා.කුඩු උවදුර දුරු වේවා. අරගලයට ජය වේවා-

    • Saman says:

      නාමොල් රාජපක්ස මැතිඳුන්ට ජයවේවා.

  2. sunil attanayaka says:

    Oka mokakda dan internet eken classified ads daala ..telephone numbers …ekka Full service with anal kiyala photo daala issarahayi …passayi dekama wikunana kello inne……lankaads gihilla balapallako keruwaawa ada rate….ara massagerepulic kiyala website ekaka lankawe ganu kelinma ads daalaa anga wikunana hati balapallako…..!!! lankawata giya kalak…..!!!

Main News