කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දෙනවාට අපි විරුද්දයි..

February 13, 2019 at 3:00 pm | lanka C news
කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දෙනවාට අපි විරුද්දයි..

ජනාධිපතිවරයා යෝජනා කරන පරිදි මරණ දඬුයම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවනට පමණක් ලබාදීම පිළිනොගන්නේ යයි ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා සදහන් කරයි.

මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ මරණ දඬුවම දෙන්නේ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරරැුන් සදහා පමනක් නොව මිනී මරුවන්, ස්ත‍්‍රී දුෂකයන්, ළමා අපචාරකරුවන්, රාජ්‍ය දේපල කොල්ලකන්නන්ද එල්ලා මරා දැමිය යුතු බවයි.

මරණ දඬුවම දීම මගින් අපරාධ අඩු කල නොහැකි බවත් රත්නායක මහතා තව දුරටත් කියා සිටී.

145 views
Main News