කුඩු ජාවාරම්කරුවන් ජනපති ඝාතන සූදානමක.. බුද්ධි අංශ හෙලි කරයි..

July 2, 2019 at 10:31 pm | lanka C news
කුඩු ජාවාරම්කරුවන් ජනපති ඝාතන සූදානමක.. බුද්ධි අංශ හෙලි කරයි..

තමන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගෙනයන සටන හේතුවෙන් තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

තමන්ට මේ බව බුද්ධි අංශ මාර්ගයෙන් දැනුවත් කර ඇති බවද ජනාධිපතිවරයා පැවසීය.

පොලොන්නරුව සිරිපුර ප්‍රදේශයේ පැවති ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයක් අමතමින් ඔහු මේ බව හෙලි කරන ලදී.

සමාජය තුළ මත්ද්‍රව්‍ය නැති කළ යුතුයැයි මතයක් ඇති ව තිබෙන බවත් තමන් එම සටන ශක්තිමත් කරමින් කුඩුකාරයන්ට මරණ දණ්ඩනය දීමට කටයුතු කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඊට විරුද්ධව පිරිසක් උසාවියට ගොස් මූලික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගෙන ඇති බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

4 views

9 Comments to “කුඩු ජාවාරම්කරුවන් ජනපති ඝාතන සූදානමක.. බුද්ධි අංශ හෙලි කරයි..”

  1. Love nature says:

    මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුය යන ස්ථාවරය දරන්නන් ගෙන එන තර්කයක් නම් මරණීය දණ්ඩනය හේතුවෙන් සමජයේ අපරාධ අඩුවන බව. නමුත් සංඛ්‍යා ලේඛන අනුව පෙනීයන්නේ එය අසත්‍යයක් බවයි. උදාහරණයක් ලෙස, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ඇමරිකාවේ ප්‍රාන්ත වල මිනීමැරුම් ප්‍රමාණය මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකරන ප්‍රාන්ත වල මිනීමැරුම් ප්‍රමාණයට වඩා වැඩි වීම දැක්විය හැකිය.

  2. Nalaka says:

    මෙයා ඔය පුටුවේ ඉන්නේ තව මාස 4 යි. බල තණ්හාව ඔළුවට ගහලා සදාකල් ඔය පුටුවේ ඉන්න දඟලනවා. ඔය කුමන්ත්‍රණ ගැන කතා කරන්නේ සොහොන් කණු හීනෙන් පෙනිලා.

  3. ක්‍රිමිනල් says:

    ජනාධිපති තුමනි, ප්‍රවේශම් වන්න!
    ඔය කියන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අතර, කුඩු බාරතගේ මදාවි දෝනිත් ඉන්ඩ පුලුවන්.

  4. Sadda says:

    රටේ කොතෙකුත් දේ කරන්න තියෙද්දී , සිල්ලර වැඩක් අල්ලගෙන වැඩර් වෙන්න හදනවා. කුඩු ජාවාරමත් තුරන් කල යුතුමයි. අනෙකුත් ප්‍රධාන දේ මොනවාද ඕනනම් කියලා දෙන්න පුලුවන්.

  5. Niru says:

    How come this death threat is top priority than the actual threat on those innocent Christians and foreign tourists
    Sira wants to get sympathy from the masses who are asses

  6. jamebond says:

    me parath buddi ansha margayen danuwath kara atha ..
    mewarath arakshaka mandalaya nokandawa ..udabalan indeema, ratata karana yahapataki

  7. sw says:

    මේ ටික කාලයේදී හිටන්ව මරන්න හදන්නේ ජනාධිපති මළොත් පුටුවේ වාඩිවෙන්න පුළුවන් කියලා හිතන බලපෙරේතයට විතරයි .ජනතා චන්දයෙන් කවදාවත්ම ජනාධිපති වෙන්න බලපෙරේතය කවුද ?

  8. Nihal says:

    Who else will try to kill this water snake other than GU NP Rana to jump in to the president chair for few month and screw up this country..

  9. Sinnaporan says:

    Don’t reveal that you have death threats. you are the executive President of the country. That is below to your dignity. . Do not try to get the sympathy of the people for your next attempt. please don’t be a silly president. Be a courageous person.

Main News