කුඩු නඩුවලට පෙනි නොසිටින්නැයි අධිකරණයේ නිතිඥවරියකට තර්ජන…

March 21, 2018 at 8:02 am | lanka C news
කුඩු නඩුවලට පෙනි නොසිටින්නැයි අධිකරණයේ නිතිඥවරියකට තර්ජන…

නාඋල මහේස්ත‍්‍රාත් අධිකරණයේ සේවයේ නියුතු නීතිඥ ලියානි රංකොත්ගේ මහත්මියට දුරකතනයෙන් තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාඋල පොලිසිය පරික්ෂණ ආරම්භ කරයි.

19 දින උදෑසන 08.01 පමණ සිය ජංගම දුරකතනයට කිසියම් පුද්ගලයෙකු කුඩු සම්බන්ධ නඩු සදහා පෙනී නොසිටින්නැයි තර්ජනය කරමින් සිය දරුවන් දෙදෙනා පැහැරගන්නා බව සදහන් කරමින් දුරකතන ඇමතුම් ගනනාවක් ලැබුනු බව නීතීඥවරිය පොලිසියට සදහන් කර තිබේ.

නාඋල පොලිසියට නීතිඥවරිය විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නියෝග යටතේ නාඋල පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරම්කර තිබේ.

– ඉන්දික අරුණ කුමාර

14 views

One Comment to “කුඩු නඩුවලට පෙනි නොසිටින්නැයි අධිකරණයේ නිතිඥවරියකට තර්ජන…”

  1. Lahiru says:

    Mema siddiyata niyama piyawara policie en traatharm nobalaa dadayam kraawida?

Main News