කුඩු විකුණන අලූත්ම ක්‍රමය හෙලිවේ.. හෙරෝයින් වලින් ටොෆි හදා විකුණයි..
November 29, 2017 at 5:30 pm | lanka C news
හෙරොයින් මිශ්‍රකළ ටොපි තොගයක් යාපනය නගරයේ තැනින් තැන අලෙවි කිරීමේ මහපරිමාණ ජාවාරමක් අදාල ටොෆ තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු යාපනය පොලීසිය මඟින් ඊයේ (28) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු දෙමළ ජාතිකයෙකු වන අතර අනෙක් තැනැත්තා මුස්ලිම් අයෙකි.
ඔවුන්ගේ ගමන් මල්ලක් තුළ සඟවාගෙන අවශ්‍ය අයට එම ටොපි අලෙවි කරමින් සිටි බව පවසන පොලීසිය පාසල් සිසුන්ද මෙම ටොපි වෙළෙන්ඳන් දෙදෙනාගේ ගැනුම්කරුවන් බවට පත්ව ඇතැයිද පොලීසියට තොරතුරුලැබී ඇත.
සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී ඔවුන් ළඟ හෙරොයින් මිශ්‍ර කරණ ලද ටොපි 50 ක් පමණ තිබී ඇත.
යාපනය පොලීසිය මෙම සැකකරුවන් දෙදෙනා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මේවා ප්‍රසිද්ධ කරන්න හොඳ පුවත් නෙවෙයි. මත් ද්‍රව්‍ය හා ජීවිත හානි කර ගැනීම් ගැන ප්‍රචාරයන් දෙන්න එපා. lankacnews වල quality එකටත් හොඳ නැහැ.
Mokada narak, dunnu dhanduwamath ekka daanna, meyaa kudu wikunana kenek wageyi