කුඩු සමග ඇල්ලූ ඇමති ලේකම් පැය දෙකෙන් ඇප දී නිදහස් කරලා..
August 8, 2017 at 4:40 pm | lanka C news
රවී කරුණානායකට ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට ඉඩසලස්වා ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව මඟහරින්නට ආණ්ඩුව කටයුතු කළහොත් ඊළඟ විශ්වාසභංගය යෝජනාව ගෙනෙන්නේ යහපාලන ආණ්ඩුවටම විරුද්ධව බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතා පැවසීය.
එසේ ගෙන එන විශ්වාසභංග යෝජනාවේ දී ආණ්ඩුවට එරෙහිව බැඳුම්කර මගඩිය පමණක් නොව හම්බන්තොට වරාය විකිණීම, කුඩු ජාවාරම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල කරන බව පැවසූ රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගසා සිටින නිදහස් පක්ෂ ඇමැතිවරුන් හැසිරෙන්නේ කෙසේදැයි එදාට බලාගත හැකි බවත් කීවේය.
මන්ත්රීවරයා මෙසේ ප්රකාශ කළේ ශ්රි ලංකා පොදුජන පෙරමුණේ ජාඇළ සම්මන්ත්රණයට 06 වැනි දා එක්වෙමිනි. මන්ත්රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්රකාශ කළේය.
යහපාලනය කියාගෙන බලයට ආපු ආණ්ඩුව දැන් මේ රට කුඩු පුරයක් කරලා ඉවරයි. කුඩු හින්දා දැන් රටම කුඩුවෙලා ගිහින්. පොලිස් විශේෂ කාර්යය බළකාය අත්අඩංගුවට අරන් ගල්කිස්ස පොලීසියට භාර දුන් ඇමැති ලේකම්වරයාට පැය දෙකෙන් ඇපත් දීලා නිදහස් කරනවා.
ලේකම් ගිය වාහනේ කුඩු තිබ්බම නඩු දාන්නේ වෙන කෙනකුට. පොඩි මිනිහෙක් ගිය වාහනයක කුඩු තිබ්බා නම් එහෙම වාහනේ හිටපු කොල්ලයි බල්ලයි සේරම ගෙනල්ලා රිමාන්ඩ් කරලා ඇට කුඩු කරනවා. පොඩි මිනිහට තිබෙන නීතිය නෙමෙයි ඇමැතිගේ ලේකම්ට තියෙන්නේ.
අද ආණ්ඩු කරන අය එදා අපි ආණ්ඩු කරන කොට කෑගැහුවා හැමතැනම කුඩු තියෙනවා කියලා. අද ඔප්පු වෙලා තියෙනවා මේ රටේ කුඩු බිස්නස් කරපු අය කවුද කියලා. එදාට වඩා අද කුඩු පැකට් එකක මිල තුන් ගුණයකින් විතර අඩු වෙලා. යහපාලන ආණ්ඩුව ආවම හරිගියේ කුඩුකාරයන්ටයි.
කුඩු වසංගතය හින්දා දැන් ගම්වල වැලක රෙද්දක් තියාගන්න බැරි තැනට ඇවිල්ලා. සතොස ලොරිවල කුඩු අදිනවා. ඇමැති ලේකම්ලා කුඩු අදිනවා. ඇමැති ලේකම් ගාව කොකේන් ටැබ්ලට් වගයකුත් තිබුණා කියලයි අපට ආරංචි වෙලා තියෙන්නේ. ඒවා සේරම යටගැහුවා.
රැකියා දස ලක්ෂයක් දෙනවයි කියලා ආපු ආණ්ඩුව තරුණයන්ට කුඩු ගහන්න පුරුදු කරනවා. තරුණ පරපුරම විනාශ කරලා හරි බලය පවත්වාගෙන යන්නයි ආණ්ඩුවට ඕනේ. එදා කොටි සංවිධානය තමයි මුදල් උපයන්න කුඩු බිස්නස් කළේ. අද ආණ්ඩුව ඒ බිස්නස් එකට බැහැලා.
බැඳුම්කර හොරු හොරකම් කරපුවා එළිවෙන කොට ආණ්ඩුව දැන් රවීගේ කරේ ගහලා බේරෙන්න හදනවා. රවීට ඉල්ලා අස්වෙන්න කිව්වා කියලා පත්තරවල පළ වෙලා තිබුණා. රවීට එරෙහි විශ්වාසභංගය ගේන්න ඉස්සර ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙන්නයි දැන් ආණ්ඩුවේ සූදානම.
රවී ඉල්ලා අස්වුණොත් ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංගය ගේන්නේ ආණ්ඩුවට එරෙහිවයි. බැඳුම්කර හොරකම විතරක් නෙමෙයි වරාය විකිණීම, කුඩු ජාවාරම ගැනත් අපි ඒ විශ්වාසභංගය යෝජනාවේ සඳහන් කරනවා. එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගහන නිදහස් පක්ෂ ඇමැතිවරුන් මොනවද කරන්නේ කියලා එදාට බලා ගන්න පුළුවන්.
ආණ්ඩුව දැන් ජනතාවට එපා වෙලා ඉවරයි. අපි අභියෝග කරනවා පුළුවන් නම් මැතිවරණයක් තියලා පෙන්වන්න කියලා. තියන ඕනෑම මැතිවරණයක් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ජයග්රහණය කරවන්න අපි සූදානම්.
ජනාධිපතිවරයා කියලා තිබුණා පාර්ලිමේන්තුවේ 113ක් හැදුණත් එයාගේ ආශිර්වාදය නැතුව ආණ්ඩු හදන්න බැහැ කියලා. අපිට එයාගේ ආශිර්වාදෙන් වැඩක් නැහැ. අපි පාර්ලිමේන්තුවේ 113ක් හදනවා වගේම හොඳින් හෝ නරකෙන් හෝ ආණ්ඩුවත් ගන්නවාමයි.
– ප්රදීප් අනුර කුමාර
මුන් තව හිටියොත් සිංහලයන්ගේ අවසානය
You talk like a thug. These kind of people should never be sent to the Parliament.
මොනවාද මේ කියන්නේ දන්නේ නැද්ද දැන් රටේ රජකරන්නේ කැකිරිල්ලේ නඩු තීන්දු දෙන සිරිසේනගේ ජඩපාලනය
මම දන්නේ නෑ සර්. හුණු බිජ්ජක්ව වීතර thiබුනා තමයි. තවත් පොඩි පොඩි ප්රෝබ්ලම්ස් තිබුනා ඒ නිසා දැම්මේ නෑ සර්. මතක නෑ සර් නීතියේ තිබුනද කියලා. පැදුර ඕනෙ නෑ සර්. හිටගෙන දෙන්නම්.මතක නෑ සර්.
Current ruling party under the MS having short life span. They destroy and more corrupted system of democracy by short period of time. They must leave as soon as possible?