කුණාටුව නොතකා ධීවරයෝ මුහුදු යති.. 25ක් අත්අඩංගුවේ..

December 6, 2017 at 8:48 am | lanka C news
කුණාටුව නොතකා ධීවරයෝ මුහුදු යති.. 25ක් අත්අඩංගුවේ..

බෙංගාල බොක්කේ ඇතිව තිබෙන අඩුපීඩන තත්වයේ බලපෑම අද (06) දිනටද ඉලපාන හෙයින් ධීවරයින්ට මුහුදු ගමන් යාමෙන් වලකින ලෙසට දැනුම් දී ඇති අතර එම නිවේදන නොතකා මුහුදු ගමන් ගිය ධීවරයින් 25 දෙනෙකු මන්නාරමේදී අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව විසින් ඊයේ දින මන්නාරම් මුහුදු තීරයේදී ධීවරයින් 25 දෙනා අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඇති අතර පොලීසිය විසින් අදාල ධීවරයින් පිරිස මන්නාරම්අ ධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.

පසුව නිවේදනයන් නොතකා මන්නාරමෙන් මුහුදු ගිය ධීවරයින් 25 දෙනාට මන්නාරම දිසා විනිසුරු ඒ.ජේ ඇලෙක්ස් රාජා මහතා ඊයේ (05) දින දැඩි ලෙස අවවාද කොට නිදහස් කොට තිබේ.

පොලීසිය මෙම ධීවරයින්ව අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා  පවසා ඇත්තේ මේ පිරිස ගැඹුරු මුහුදට නොගිය බවත්.වෙරලාසනයේ කුඩා මසුන් මරමින් ඔවුන් පාරම්පරික හා සාම්ප්‍රදායානුකූල ධීවර කර්මාන්තයේ නිරත වූ බවයි.

මේ නිසා ඔවුන් ගැන සානුකම්පිතව සිතා බලා ඔවුන් නිදහස් කරන මෙන් නීතිඥවරයා කල ඉල්ලීමට නාවික හමුදාව හා පොලීසියද මන්නාරම ධීවර අධ්‍යක්ෂවරයාද විරුද්ධ නොවීම නිසා එම ධීවරයින් 25 දෙනා නිදහස් කොට තිබේ.

අද දිනයේද උතුරු මුහුද අවධානම් තත්වයක පවතින හෙයින් මුහුදු ගමන් යාමෙන් වලකින ලෙසට උතුරේ පිහිටි ධිවර පරික්ෂක කාර්යාල හරහා ධීවරයින් වෙතට දැනුම් දී ඇත.

48 views

One Comment to “කුණාටුව නොතකා ධීවරයෝ මුහුදු යති.. 25ක් අත්අඩංගුවේ..”

  1. ex UNPer says:

    මුන්ට පිස්සු ද ? ලංකාවට සුළි සුළඟක් එන්නේ නෑ.
    අපේ කාලගුනේ ඉන්න මැටි මෝල්ලු තායිලන්තය පැත්තේ තියෙන, ඉන් දියාවට අයත් නිකොබාර් දූපත් වල ඉන්න ධීවරයන්ට ඉන්දියව විසින් අනතුරු ඇඟෙව්වම ඒක මෙහේ කොපි පේස්ට් කර රතු නිවෙදනයක් ලෙස දැම්මා.

    ඔය සුළි සුළඟ යන්නේ මද්‍යම ඉන් දියාවේ ආන් ද්‍රා ප්‍රදේශයටත් ඉහල පැත්තට​. ලංකාවට එන්නෙ නෑ.

Main News