කුණුවලට බද්දක්.. කිලෝවට රුපියල් 3-5 ක්…

November 1, 2021 at 1:20 pm | lanka C news
කුණුවලට බද්දක්.. කිලෝවට රුපියල් 3-5 ක්…

2022 වසරේ දී තම ප්‍රදේශයේ පිහිටි සියළුම වෙළඳසැල් වලින් කසළ බදු අය කිරිමට පියවර ගෙන ඇති බව නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා පවසයි.

2013/06/28 දින අංක 1816/42 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට ප්‍රකාරව ඝන අපද්‍රව්‍ය කලමණාකරන පනතට අනුව එම බදු අය කිරිමට තම ප්‍රාදේශිය සභාවේ අනුමැතිය ලබාගෙන ඇති බව සභාපතිවරයා පවසයි.

ප්‍රාදේශිය සභාවේ කම්කරුවන් විසින් ඝන අපද්‍රව්‍ය සහ කැලි කසළ ඉවත් කරනු ලැබුවද ඇතැම් ව්‍යාපාරිකයන් ඉතා සුක්ෂම ලෙස වෙළඳසැල් වල බැහැර කරනු ලබන ඝන අපද්‍රව්‍ය සහ කැළි කසල පරිසරයට මුදා හරී.

එම නිසා 2022 වසරේ සිට තම බල ප්‍රදේශයේ පිහිටි සියළුම වෙළඳසැල් වලින් බැහැර කරන කැලි කසළ සදහා කිලෝවට රු 3 සිට 5 දක්වා මුදලක් අය කරනු ලබන බව ඔහු පවසයි.

සැම වෙලදසැලකින්ම තම ප්‍රාදේශිය සභාවේ කම්කරුවන් වෙත ලබාදෙන කැලි කසල කිරා ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතු බවත්, එම මුදල මාසිකව තම ප්‍රාදේශිය සභාව වෙත ගෙවිය යුතු බවත් සභාපතිවරයා සඳහන් කළේය.

– aruna

42,280 views

8 Comments to “කුණුවලට බද්දක්.. කිලෝවට රුපියල් 3-5 ක්…”

  1. susil says:

    eka hoda wadak. eeka colombo walath patan gaththa nam hodai

  2. පාරේ කණුවල ලයිට් හදාපියවු ! says:

    ඉතා හොඳ අදහසක්… ජීවිතේට පාරේ ලයිට් කණුවල ලයිට් හදන්නෙ නැති , වන්නිය වගේ මිනිස්සුන්ව කළුවරේම තියන ගොබ්බ ගම්පහ ප්‍රාදේශීය සභාවට ආදර්ශයට ගන්න පුළුවන් හොඳ වැඩක් මේක

  3. Workers says:

    මාතෘකාව රසායනික පොහොර හා කාබනික පොහොර.තහනම් වචනය Generically Modified භෝග.
    රසායනික පොහොර සහ රසායනික කෘමි හා වල්නාශක මෙතරම් භාවිතාවට ගන්න හේතුවන ප්‍රධාන හේතුව Generically Modified ඇමෙරිකන් මොන්සැන්ටෝ බීජ ලංකාවේ කෘෂි ක්‍රේෂත්‍රය ආක්‍රමණය කර ගිල ගැනීමයි.‌‌මේ බීජවල භෝග සහ පලදාව ඔවුන් විසින්ම නිශ්පාදනය කරන රසායන ද්‍රව්‍ය හා බැදී ඇතිබව ප්‍රකට රහසකි.
    මේ අපරාධයට දායක වූවන් කවුදු?ලංකාවේ විශ්වවිද්‍යාල වල කෘෂිපීඨ වලින්(ඊනියා නිදහස් අධාපනයේ) උසස් අධ්‍යාපනය ලබා පසුව බටහිර විශ්වවිද්‍යාල වල පශ්චාත් උපාධි ලබා අචාර්යය මහාචාර්යය අංතට්ටු පලන්දවා ලංකාවට නැවත පැමිණ කෘෂි-කරුම ක්ෂේත්‍රයේ ඉහල තනතුරු වල ස්ථානගත කර ඇති ඩබල් ඒජන්ට් නරුමයන්ය.
    මොන්සැන්ටෝ ජානවිකෘති බීජ වලට කොල එලි දල්වා ජෛව ආක්‍රමණයට රට පාවා දුන් අය ඉන්දියන් හා චීන ‌පොහොර ගැන කිඹුල් කඳුළු සලන්නට පටන්ගෙන ඇත.
    මේ මොහොතේ පොහොර යුද්ධයක පැටලී ඉන්න ආණ්ඩුපක්ෂය,විපක්ෂය සහ ගොවීන් තවමත් ලංකාවේ කෘෂිකර්මාන්තයේ නියම හතුරන් අදුරා ගැනීමට තරම් පරිනත වී නොසිටීම මේ රටේ අභාග්‍යකි.

  4. SL says:

    සුපර්.පාරේ කුණු දාල දුවන උන්ටත් කුණු කවන්න ඕනේ .

    ජපානේ එහෙම නම් තමන් භාවිතා කරපු ප්ලාස්ටික් බෝතලුත් හෝදලා තමා වෙන් කරන ලද කුණු එකතු කිරීමේ භාජන වලට දමන්නේ.
    අපේ උන් ට ඉතින් විනාඩියෙන් ටොපිය කාල අවුරුදු ගානක් දිරන්නේ නැතිව ඇසුරුම පාරට විසිකරන එක උපන් පුරුද්දක් .

    මේවා නීති අණ පනත් වලින් එන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රාදේශීය සභාවේ ඉඳල පාලනයට යන උන් යන්නේ වෙන පරමාර්ථ වලින්

  5. කාබනික පොහොර says:

    මේ කුණු වලින් සුපර් කාබනික පොහොරක් සාදා ආදායම් මාර්ගයක් කර ගැනීමට අවස්ථාව ලැබෙන බැවින් එම කුණු සඳහා වෙළෙඳ සල් වලට මුදල් දී මිලදී ගන්නා ලෙස අප ජනතාව ලෙස මෙයින් දැනුම් දෙමු. කරුණාකර වෙළෙඳ සැලට පැමිණ මෙම කුණු කිරා රැගෙන යන්න. මාසිකව එම මුදල වෙළඳසැල වෙත ලබා දෙන්න.

  6. Jayasekara says:

    Appreciated.
    Chairman

  7. Scandinavium doc says:

    Very good move. Everybody should pay for their garbage. Nothing should be free

  8. Manel says:

    Waste management levy is being charged in developed nations. Somebody need to pay for removing their waste. Not just the business but even average household rubbish removal also must be charged. However, rather than weighing out it has to be a fixed monthly or quarterly adjusted payment.