කුණුහරුප කියමින් පහර දුන් මේජර් ජෙනරාල් අත්අඩංගුවට..

July 1, 2021 at 10:40 am | lanka C news
කුණුහරුප කියමින් පහර දුන් මේජර් ජෙනරාල් අත්අඩංගුවට..

මින්නේරිය ප‍්‍රදේශයේ දී වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඔවුන්ට පහර දුන්නේ යැයි චෝදනා එල්ල වන යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ හබරණ පොලිසියට භාරවීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔහු මේ වන විට කැකිරාව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

මෙම මේජර් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණය විසින් පොලිසියට නියෝග කර තිබිණි.

35,358 views

16 Comments to “කුණුහරුප කියමින් පහර දුන් මේජර් ජෙනරාල් අත්අඩංගුවට..”

  1. මැදමුලනෙ මුත්තා says:

    හමුදාවලත් හොරැ, මිනීමරැවො, ස්ත්‍රී දූෂකයො, වංචාකාරයො ඉන්නවා. යුද්ධයට මුවාවෙලා මුං හැම බලුවැඩෙන්ම බෙිරැනා. මිනිස්සුත් මුංගෙ අසාධාරණකමි ඉවසගෙන හිටියා. රණවිරැවන්ට පඩිගෙවිවෙ ජනතා බදුමුදල් වලින්. සියළු වරප්‍රසාද ඔවුන්ට ලැබුනා. මෙිවගේ ගොංහරක් හමුදාවෙ කීර්තිනාමය විනාශකළා. කොටිටෝරැව හැම ගහටම කොටකොටා ගිහං කෙහෙල්ගහට කොටපු දවසෙ කොටුඋනා. මෙි ගොං මැටිමෝලා වනජීවී නිළධාරීන්ට පාටිදාන්න ගිහිං කොටුඋනා.එඩිතර වනජීවී නිළධාරීන්ට ස්තුති⁣යි.

  2. කොළඹ අපි says:

    සිවිල් සේවාවේ ලේකම් පට්ටමකට සුදුසු ම මේජර් ජනරාල්වරයා

  3. Sinhalaya says:

    Wanajeewi ekata denuyi aliyanwa matha wela thibenne. Ara gebini aliyan 7 k maranakam me kalakanni koheda hitiye

  4. Jayantha Dharamaratne says:

    හැරෙන තැපෑලෙන් බඩු එලියෙ…මොකෝ රට කරන්නෙ සාටකයො සෙට් එකනෙ…

Main News