කුණු අදින්න අපට බෑ..හමුදා සෙබලුන් කසල අදින්නන් කරන්නේ නෑ..- හමුදාව කියයි..

June 19, 2017 at 10:00 am | lanka C news
කුණු අදින්න අපට බෑ..හමුදා සෙබලුන් කසල අදින්නන් කරන්නේ නෑ..- හමුදාව කියයි..

යුද හමුදාව කුණු අදින්න යොදවන්නේ නැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා පවසයි.

කෙසේ වෙතත් ඩෙංගු වසංගතය මර්දනය කිරීමට පළාත් පාලන ආයතනවලට හමුදා සහාය ලබා දීමට සූදානම් බවද කී පවසන හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා එහිදී හමුදාව කරනුයේ කුණු ඇති ස්ථාන හඳුනාගෙන අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීම පමණක් යයිද කියා සිටී.

මෙම කාර්ය සදහා මේ වන විටත් කොළඹ දිස්ත්‍රික්කය තුල පමණක් හමුදා බළඇණි හයක් යොදවා ඇතැයිද ඔහු පැවසීය.

කසල කළමණාකරණ වැඩසටහන සඳහා හමුදා සෙබළුන් සම්බන්ධ කලද ඔවුන් කිසිවිටෙක කසල එකතු කරන්නන් බවට පත් නොකරන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

කෙසේ වෙතත් කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා අවස්ථා කිහිපයකදීම කියා සිටියේ කැළි කසළ ඉවත් කිරීමට යුද හමුදා සහාය ලබා ගන්නා බවයි.

261 views
Main News