සහන ආධාර මල්ලේ කුණු අල හා ළුණු… PHI විනාශ කර දමයි..

April 27, 2020 at 8:40 am | lanka C news
සහන ආධාර මල්ලේ කුණු අල හා ළුණු… PHI විනාශ කර දමයි..

කොළොන්න ප්‍රාදේශීය සභාව මගින්  ජනතාවට බෙදාදීමට තිබූ ආහාරයට නුසුදුසු   අල සහ  ලොකු ලූණු තොගයක් මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් විනාශ කරන ලදී.

ඒ ඒවා නරක් වු ඒ වා බවට ලැබුනු පැමිණිල්ලක් අනුව පරික්ෂා කිරීමේදීය.

25 දා සවස් වරුවේදී කොලොන්න කෑල්ලගම අඹගහයාය ප්‍රදේශයේ ඇදිරිනීති වේලාවේදී  අත්‍යාවශ්‍ය භාණ්ඩ අලවිකර ඇත.

ඒ කො‍ලොන්න ප්‍රදේශීය සභාව මගින් රුපියල් දහසකට සකස්කරන ලද බඩු මල්ලකි. මේ බඩු මල්ලේ තිබෙන අල සහ ලොකු ලූණු  නරක්වී ඇති බව පවසමින් එම ප්‍රාදේශීය සභාවේම විපක්ෂ නායක වරයා විසින් කොළොන්න මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්ට  දැනුම්දීමේන් අනතුරුව  ඔවුන් පැමිණ මේ සම්බන්ධයෙන් සොයා බලා ඇත.

මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් අලවිය සදහා කොලොන්න ප්‍රාදේශීය සභා  ආහාර තොග ගබඩාවේ තිබූ  විකිණීමට තිබූ පාර්සල් දහසක් පමණ නැවත පරික්ෂා කිරීම් සිදු විය.

ඒ අනුව නරක්වූ ආහාරයට නොසුදුසු  අර්තාපල් කිලෝ 130ක් ලොකු ලූණු 17ක් පමණ අත්අඩංගුවට ගෙන විනාශ කිරීම සිදුවිය.

කොළොන්න ප්‍රාදේශීය සභාවේ සභාපති ටී.රූපසේන මහතා සහ විපක්ෂ නායක වරයා අතර මෙම ස්ථානයේදී උණුසුම් තත්වයක් ඇතිවිය.

විපක්ෂ නායක වරයා කියා සිටියේ කොළොන්න ප්‍රාදේශීය සභාව මගින් දහසක බඩු මල්ලක් ලබාදීමට තීරණය උනත් මෙම අලවි කරන බඩු මල්ලේ රුපියල් දහසක ආහාර ද්‍රව්‍ය නොමැති බවයි.

සභාපති ටී.රූපසේන මහතා කියා සිටියේ මේ තත්වය ආරම්භයේ සිටම මිනිසුන්ට සහන බඩු මලු අපි බෙදුවා.අපි සෑම මොහොතේම ආහාර ද්‍රව්‍ය බෙදන්න කලින් මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් දැනුවත් කලා.ජනතාවලෙන් අපිට හොද ප්‍රතිචාර ආවා.අපි බඩු ගන්නේ සතොසින් මේ බඩු මල්ලේ රුපියල් දහසක වඩා දේවල් තියෙනවා.මේ වෙලාවෙත් මේ අය දේශපාලන වාසි ගන්න හදනවා යයි ද සදහන් කරන ලදී.

කෙසේ උවද අල කිලෝ 700ක් පමණ කොළොන්න ප්‍රාදේශීය සභාවට ගෙන ඇති අතර මේ වන විට ඒවා බොහෝ ප්‍රමාණයක් ජනතාව වෙත අලවි කර ඇති බව වාර්තාවේ.

කොළොන්න සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය මගින් ආහාරයට ‍නුසුදුසු අල සහ ලොකු ලූණු  ප්‍රාදේශීය සභාවේ සේවකයන් යොදවා තෝරා භූමිතෙල් ගසා විනාශ කිරීම සිදු විය.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

69 views

7 Comments to “සහන ආධාර මල්ලේ කුණු අල හා ළුණු… PHI විනාශ කර දමයි..”

  1. GU-VP PUNCHI AMMA says:

    Hiyyooooo Iwarai minisunta kunu kawanawoooooooooooo
    GU-VP API, PUDA SUMATIRAMA-AIYYA ekka ekatu-wela Nadu danwa, punchi ammapa

    Yako TAGRI-SADU, GU-VP Kollane ka-Gahapiyaw kooooooooooooooooooo

    • ගොන් බයියා says:

      පොහොට්ටුවෙ සභාපති කෙනෙක් බෙදුවනම් සද්ද නොකර කුණු වුනත් කන්න රටේ ජනතාව දැන ගන්න ඕන.

  2. lotus says:

    වහලා යනු තම ස්වාමියා විසින් ලබා දෙන අණට කීකරුව , වෙනත් කිසිම ප්‍රතිලාභයක් නොලබා කටයුතු කරන්නා යනුවෙන් අදහස් කරයි. එහිදි තම ස්වාමියා කරන කියන සෑම දෙයක් වෙනුවෙන්ම වහලා අවනත විය යුතුය. මෙය ඈත අතීතයේ නොදියුණු සමාජ ක්‍රමයක ධනපති පාලක පැලන්තිය පවත්වාගෙන යනු ලැබූ පාලන ක්‍රමවේදයකි.

  3. saman says:

    වහලා යනු තම ස්වාමියා විසින් ලබා දෙන අණට කීකරුව , වෙනත් කිසිම ප්‍රතිලාභයක් නොලබා කටයුතු කරන්නා යනුවෙන් අදහස් කරයි. එහිදි තම ස්වාමියා කරන කියන සෑම දෙයක් වෙනුවෙන්ම වහලා අවනත විය යුතුය. මෙය ඈත අතීතයේ නොදියුණු සමාජ ක්‍රමයක ධනපති පාලක පැලන්තිය පවත්වාගෙන යනු ලැබූ පාලන ක්‍රමවේදයකි.

  4. Lasantha says:

    Keep it up, Feed the Rot, well done.

  5. Devid. Lokka says:

    Me welawe keels wage loku super market uparimeta apiwa gasaa kanawaa….!!! Mewaa gana soyaa balanna. ….? Badu order karala gennanakota ewayi gasaa kanne mehemayi parippu kilo ekak kiraa balala eke sticker eka rupiyal 65. Kiyala. Gahala thiyeddi un anthima bilata rupiyal 135 liyala daanawaa …? Salan ekak wikunanne. Ekasiya Anu dekata. (192 ). Mewaa balu wada …!!! Palawaththe Rathnayake mawatha gaawa thiyena keels eken meka karanne habayi. Anik super market walath mekamzlu thathwe….!!! Soyaa balanna

  6. sena says:

    මේ වගෙ කුණුවුන් අත ගැහැවුවොත් ජනතාවට වෙන්නෙත් කන්න කුණු කන්න තමයි

Main News