කුණු කදු විපතේ වගකීම ආණ්ඩුව භාරගන්නවා කීවත් තවම මියගිය අයට මිනී පෙට්ටිය ගන්නවත් රුපියලක්වත් දිසාපති හරහා ලබා දී නෑ..

April 16, 2017 at 9:20 am | lanka C news
කුණු කදු විපතේ වගකීම ආණ්ඩුව භාරගන්නවා කීවත් තවම මියගිය අයට මිනී පෙට්ටිය ගන්නවත් රුපියලක්වත් දිසාපති හරහා ලබා දී නෑ..

කුණු කන්ද නිසා වුනු ඛේදවාචකයේ වගකීම ආණ්ඩුව හැටියට තමන් භාර ගන්න බව ඊයේ මාධ්‍ය මගින් අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කලත් මියගිය අහිංසක මිනිසුන්ගේ භූමදානය කරන්න අවශ්‍ය රුපියලක් වත් මේ වන තෙක් ලබාදීමට කටයුතු කර නැති බැව් ප්‍රදේශිය ලේකම් කාර්යාලයෙන් වාර්තා වේ.

අලුත් අවුරුද්දේ පලමු කාර්යය ලෙස විපත්ට පත්වූවන් සඳහා හෝ භූමදානය සඳහා ආණ්ඩුවේ නිලධාරින් එක්ව තීරණය ගැනීමට රජයේ ප්‍රධානින් සුදුසු නොවන බව ආණ්ඩුවට ජෝතිෂ්‍ය සම්බන්ධව උපදෙස් දෙන මධ්‍යම පලාතේ ඉහළ තනතුරක සිටින කාන්තාවක් කියා ගන්නා පුද්ගලයකු විසින් උපදෙස් දී ඇත.

කෙසේ වෙතන් අද පෙරවරු 10 ට ජනාධිපති සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ඉහළ පෙලේ නිලධාරින් සමඟ සාකච්ඡාවක් පැවත්වීමට තීරණය කොට ඇති අතර මේ වනවිට ආණ්ඩුව විසින් ලබාගෙන ඇති රක්ෂණයක් අනුව බොහෝ දුරට රුපියල් ලක්ෂය මියගිය පුද්ගලයකු වෙනුවෙන් ගෙවීමට ඉඩ ඇති බැව් වාර්තා වේ.

115 views
Main News