කුණු කන්දට යටවී මියගිය පිරිස 20 තෙක් ඉහලට.. මීතොටමුල්ලට ඊයේත් කුණු ගෙනැත් දාලා..

April 16, 2017 at 8:40 am | lanka C news
කුණු කන්දට යටවී මියගිය පිරිස 20 තෙක් ඉහලට.. මීතොටමුල්ලට ඊයේත් කුණු ගෙනැත් දාලා..

අලුත් අවුරුදු දා මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 20ක් දක්වා ඉහල නැග ඇත.

කොලඹ ජාතික රෝහලේ තවත් 12 දෙනෙකු ප‍්‍රතිාකාර ලබන අතර ඔවුන්ගෙන් පිරිසක් අසාධ්‍ය තත්වයේ පසුවන බවද වාර්තා වෙයි.

කුණු කන්දට යටවූවන් සොයා මෙහෙයුම් තව දුරටත් ක‍්‍රියාත්මකය.

මේ අතර ඊයේ දිනයේද මීතොටමුල්ල කුණු කන්දට කුණු ගෙනැවිත් දැමූ බවට ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.

4 views