කුණු කන්දට යටවී මිය ගිය අයෙකුට වන්දිය රුපියල් ලක්‍ෂයයි.. රජය තීරණය කරයි..

April 17, 2017 at 5:30 pm | lanka C news

කුණු කන්ද කඩා වැටීමෙන් මරණයට පත් වූ පුද්ගලයෙකු වෙනුවෙන් රැපියල් ලක්‍ෂයක වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇත.

එසේම සිදුව ඇති දේපළ හානියක් සදහා උපරිම ලක්ෂ 25ක් දක්වා වන්දි ලබා දීමටද තීරණය කල බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙම තීන්දුව ගෙන ඇතැයිද නිවේදනයේ දැක්වෙයි.

මේ වන විට මරණයට පත් වූ මුළු පිරිස 30ක් බව සදහන් වන අතර ඒ අනුව රජය විසින් මියගිය පුද්ගලයින් සියළු දෙනා වෙනුවෙන් දැනට ගෙවන්නේ රුපියල් ලක්‍ෂ තිහකි.

53 views