කුණු කන්දේ චූදිතයෝ සියලූ දෙනා යහපාලනයේ.. මහින්ද නිදොස් කොට නිදහස්.. හිරු බලය තර්කයකින් එජාපය තක්කු මුක්කු වේ..

April 21, 2017 at 9:20 am | lanka C news
කුණු කන්දේ චූදිතයෝ සියලූ දෙනා යහපාලනයේ.. මහින්ද නිදොස් කොට නිදහස්.. හිරු බලය තර්කයකින් එජාපය තක්කු මුක්කු වේ..

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමට වගකිව යුතු සියළු දෙනා අද වන විට වත්මන් අණ්ඩුව නියෝජනය කරමින් සිටින බව ඊයේ රාත‍්‍රියේ හිරු රූපවාහිනියේ පැවති ‘බලය’ දේශපාලන විවාදයේදි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් කරුණු සහිතව ගෙනහැර දැක්වීය.

1994 සිට 2015 දක්වා රට පාලනය චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය, 2005-2007 කාලයේ පරිසර ඇමති වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, 2007-2010 කාලයේ පරිසර ඇමති චම්පික රණවක, 2010-2012 පරිසර ඇමති අනුර ප‍්‍රියදර්ශණ යාපා, 2012-2015 පරිසර ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් ඇතුළු සියළු දෙනා අද වන විට යහපාලන ආණ්ඩුවේ සිටින නිසා කුණු කන්ද සම්බන්දයෙන් සියළු වගකීම මේ ආණ්ඩුව විසින් බාරගත යුතු බවත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති වෙත චෝදනා කිරීම සහමුලින්ම වැරදි බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම මීතොටමුල්ල කුණු කන්ද සම්බන්දයෙන් ප‍්‍රධානතම වගකිව යුත්තෙකු වන කොලඹ මහ නගර සභාව මේ දක්වා පාලනය කරන්නේ එක්සත් ජාතික පක්‍ෂ පාලනයන් විසින් බවත් මීතොටමුල්ලට කුණු දැමීම ආරම්භ කලේ එජාප පාලයේ ඇති කොළඹ නගර සභාව විසින් අධිකරණයට ගොස් ගත් නියෝගයක් නිසා බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

වීඩියෝව මෙතනින්

232 views
Main News