කුණු කන්දේ මිය ගිය අයෙකුට ලක්‍ෂයක් වන්දි දෙන කතාව බොරුවක්..- ජනාධිපති

April 20, 2017 at 7:06 am | lanka C news
කුණු කන්දේ මිය ගිය අයෙකුට ලක්‍ෂයක් වන්දි දෙන කතාව බොරුවක්..- ජනාධිපති

මීතොටමුල්ලේ කුණු කන්දට යටවී මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් රුපියල් ලක්‍ෂයක් වන්දි මුදලක් ලබා දෙන බවට පල වූ වාර්තා සම්පුර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂෙප කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

වෙන වෙනම ප‍්‍රකාශ නිකුත් නොකරන ලෙස තමන් සියළු අමාත්‍යංශ, ආයතන වලින් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා කීය.

කෙසේ වෙතත් මීතොටමුල්ලේ අනතුරින් මිය ගිය පුද්ගලයෙකුට රුපියල් ලක්‍ෂයක වන්දි මුදලක්, විනාශ වූ නිවසක් සදහා උපරිමය රුපියල් ලක්‍ෂ 25ක් ලෙස ලබා දෙන බව සියළු මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබුවේ මුදල් අමාත්‍යංශයේ නිවේදනයක් උපටමිනි.

48 views
Main News