කුණු කන්ද කඩා වැටීමට වගකිව යුතු අය මුල සිට අගටම මරික්කාර් හෙලි කරයි..

April 30, 2017 at 8:02 am | lanka C news
කුණු කන්ද කඩා වැටීමට වගකිව යුතු අය මුල සිට අගටම මරික්කාර් හෙලි කරයි..

තීන්දු තීරණ නිසි ලෙස ක්‍රියාත්මක නොකරපු දේශපාලන අධිකාරිය හා රාජ්‍ය ආයතන සියල්ල මීතොටමුල්ල ඛේදවාචකයට වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මීතොටමුල්ල කසල ගැටළුව පිළිබද අප්‍රේල් 28 වෙනිදා පාර්ලිමේන්තුවේ පැවැති සභාව කල් තැබීමේ විවාදයේ විවාදයට දින වකවානු සහිත සාක්ෂී සමග දීර්ඝ කතාවක් කරමින්ය.

විශේෂයෙන්ම කසල ගැටළුව පිළිබදව ඔහු විසින් ජනාධිපතිතුමාගේ සිට පහළට යොමු කරන ලද ලිපි ලේඛන සහ ඒවාට ලැබුණු පිළිතුරු සහ මධ්‍යම පරිසර අධිකාරිය වැනි රාජ්‍ය ආයතන වල නොසැලකිල්මත්භාවය, කොළඹ මහා නගර සභාව තීන්දු තීරණ ලිපි වලට පමණක් සීමා කිරීම, කොළොන්නාව නගර සභාව ද කසල වලින් කොමිස් ලබා ගැනීමට ඉඩ දුන් ආකාරය,නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතන වල කල් මැරීම, කසල සදහා වගකිවයුතු ආයතනයක් නොමැති වීම, කසල කන්දට එරෙහි වීම නිසා එල්ල වූ තර්ජන පිළිබදව සාක්ෂි සහිතව මෙහෙදී ගෙනහැර දක්වන ලදී.

– මිනුර රෂාන්ත

32 views
Main News