කුණු කන්ද කඩා වැටීමට සම්පූර්ණ වරදකරු ඇමති චම්පිකයි.. ඔහුට දඩුවම් කල යුතුයි..- මහ ඇමතිට මල පනී..

April 20, 2017 at 9:20 am | lanka C news
කුණු කන්ද කඩා වැටීමට සම්පූර්ණ වරදකරු ඇමති චම්පිකයි.. ඔහුට දඩුවම් කල යුතුයි..- මහ ඇමතිට මල පනී..

කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නාය යාම සම්බන්ධයෙන් ජනපතිට හෝ ආණ්ඩුවට චෝදනා කිරීම වැරදි බවත් එහි සම්පූර්ණ වගකීම මෙගා පොලිස් ඇමැති පාඨලී චම්පික රණවක මහතා බාරගත යුතු බවත් බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය කියයි.

මෙම කුණු කන්ද කලමනාකාරණය කිරීම සම්බන්ධයෙන් නමන් විදෙස් සමාගමක් සමග සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුවද අදාල යන්ත්‍රාගාර ඉදිකිරීම සදහා පර්චස් 60ක ඉඩම් ප්‍රමාණයක් තාවකාලික ලබා දීමට ඇමති චම්පික විරුද්ද වූ බවටද ඔහු චෝදනා කරයි.

පළාත් පාලන ආයතනවල හා පළාතක් සභාවල බලය උදුරා ගැනීමට දලගන ඔහුට දඩුවම් දිය යුතු යයිද මහ ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටී.

30 views
Main News