කුණු කන්ද කඩා වැටීමෙන් කොළඹ රත්වෙයි.. කුණු දමන්න තැනක් නැතිව කොළඹම කුණුවෙයි..
April 15, 2017 at 7:06 am | lanka C news
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමත් සමගම කොළඹ නගරයේ එකතු වන කසල බැහැර කිරීමේ ස්ථානයක් නොමැති තත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි.
දිනපතා කොළඹ නගරයේ එකතු වන කුණු ටොන් දහසකට ආසන්න ප්රමාණයක් බැහැර කිරීමට කඩිනමින් වෙනත් ස්ථානයක් සොයා නොගතහොත් කොළඹ නගරවාසීන් දැඩි අපහසුතාවයකට පත්වනු ඇති බව කොළඹ නාගරික බළදාරීන්ගේ තක්සේරුවයි.
ඇතිව තිබෙන තත්වය මත මීතොටමුල්ල කුණු කන්දට නැවත් කුණු දැමීමක් සිදු කිරීමට හැකියාවක් කෙසේවත් නොලැබෙනු ඇති බවද ඔවුන් අදහස් කරයි.