කුණු කන්ද කඩා වැටුනේ චම්පිකගේ අමාත්‍යංශයේ වරදින්..- මහ ඇමති මහ රහසක් හෙලි කරයි..

April 16, 2017 at 3:50 pm | lanka C news
කුණු කන්ද කඩා වැටුනේ චම්පිකගේ අමාත්‍යංශයේ වරදින්..- මහ ඇමති මහ රහසක් හෙලි කරයි..

මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටුනේ නාගරික සංවර්ධන අධිකාරියේ වරදින් බව ඉසුර දේවප‍්‍රිය බස්නාහිර මහ ඇමති කියයි.

පළාත් සභාවලට හා පළාත් පාලන ආයතනවලට කැලි කසල සම්බන්ධ වගකීම ඇතත් ඒ සදහා අනවශ්‍ය අතපෙවීමක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන බවද මහ ඇමතිවරයා පවසයි.

මීට පෙර අවස්ථාවක මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමට බස්නාහිර පළාත් සභාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් නාගරික සංවර්ධන අධිකරිය විසින් ප‍්‍රතික්‍ෂෙප කල බවද ඔහු වැඩි දුරටත් පවසයි.

වත්මන් ආණ්ඩුවේ නාගරික සංවර්ධන අධිකාරිය අයත් අමාත්‍යංශය වන්නේ බස්නාහිර සංවර්ධන හා මහා නග අමාත්‍යංය වන අතර ඇමතිවරයා වන්නේ චම්පික රණවකයි.

111 views
Main News