කුණු කන්ද කඩා වැටුනේ මේ රජයේ වරදින් නොවේ..- මල්වතු මහනාහිමි

April 21, 2017 at 6:49 pm | lanka C news
කුණු කන්ද කඩා වැටුනේ මේ රජයේ වරදින් නොවේ..- මල්වතු මහනාහිමි

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමේ ඛේදවාචකයට වත්මන් යහපාලන රජය වගකිව යුතු යයි ඇගිල්ල දිගු කිරීම ආසාධාරණ බවත් තිස් වසරක පමණ ප‍්‍රශ්නයක් ගැන දෙවසරක් පමණක් වයසැති මෙම රජයට චෝදනා කිරීම වැරදි බවත් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍යය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ සදහන් කරති.

දිගු කලක් තිස්සේ පැවති මෙම ගැටලුව විසදීමට වත්මන් රජයට ප‍්‍රමාණවත් කාලයක් ගත නොවූ බවත් පවසන උන් වහන්සේ මේ අවස්ථාවේ සිදු කල යුත්තේ විපතට පත් ජනතාවට සහන දී ඔවුන්ගේ විසදීම බවද පවසති.

178 views
Main News