කුණු කන්ද ගිනි තියා බදුල්ලම මහා දුමකින් වැසී යයි.. පාසැල් වසා දැමේ..
October 11, 2016 at 6:48 pm | lanka C news
බදුල්ල වින්සන්ට් ඩයස් ක්රීඩා පිටිය ආසන්නයේ ඇති කුණු කන්දකට ගිනි ඇවිලීමක් හේතුවෙන් බදුල්ල නගරයම මහා දුමකින් වැසී ගොස් තිබේ.
මේ නිසා බදුල්ල නගරයේ පාසල් 5ක් තාවකාලිකව වසා දමා ඇත.
කුණු කන්දේ ගින්න නිවා දැමීම සදහා ගුවන් හමුදා හෙලිකොප්ටර්ද යොදා ගනිමින් සිටී.
අද දිනය තුල ගින්න මැඩපැවැත්විය නොහැති වුවහොත් හෙට දිනයේ තවත් පාසැල් කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇත.