කුණු කන්ද බලන්න ගිය සාගලට, මරික්කාර්ට ජනතාව හූ තියති..
April 15, 2017 at 2:10 pm | lanka C news
මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් විපතට පත් වූවන්ගේ සුවදුක් බැලීමට ඇමති සාගල රත්නායක හා මන්ත්‍රී මරික්කාර් ගිය අවස්ථාවේ එහි සිටි ජනතාව ‘හූ’ කියමින් විරෝදය පල කලහ.
ජනතාවට ඇමතිවරයාට කියා සිටියේ මැරුනට පස්සෙ බලන්න ඒමෙන් වැඩක් නැති බවයි.
මෙම ගමන සදහා නීතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් සහ පොලිස්පති පූජිත ජයසුන්දර සහභාගී විය.
විශේෂයෙන්ම සාගල රත්නායක අමාත්‍යවරයා පැවසූවේ අගැමැතිතුමා විපතට පත් ජනතාවට කඩිනමින් සහන ලබා දීමට කටයුතු කරන ලෙසට අගමැති තුමා උපදෙස් ලබා දුන් බවයි.
එමෙන්ම දේපල අහිමි වූ සියළුම ජනතාවට රජය මගින් වන්දි ලබා දීමට කටයුතු සිදු කරන බව සහ මියගිය අයගේ අවසන් කටයුතු රජයේ මැදිහත් වීමෙන් සිදු කරන බවය.
දැනට නිශ්චිත වශයෙන් මරණ 15 ක් (පෙරවරු 12 වන) විට ලැබී ඇත. එමෙන්ම තව දුරටත් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එකතුවෙන් බැකෝ යන්ත්‍ර යොදා ගෙන යටවි ගිය ජනතාව ඇත්නම් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
එම ස්ථානයේදී මාධ්‍ය හමුවක් කැදවමින් ‘මීතොටමුල්ල කුණු කන්දට විරෝධය දැක්වීමේ සංවිධානය’ කියා සිටියේ මෙය ස්වභාවික විපතක් නොවන බවත් මිනී මැරුමක් බවත්ය.