කුණු කාණුව අද මහා සාගරයට වැටෙයි… 16 කණ්ඩායම-බැසිල් හමුවේ.. ඉතා උණුසුම්.. තීරණාත්මකයි
June 28, 2018 at 9:20 am | lanka C news
ආණ්ඩුවේ ඇමති ධුරයෙන්ගෙන් ඉවත් වූ ශ්රීලනිප 16 දෙනා අද පස්වරුවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් හමුවීමට නියමිතය.
බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි හ්රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවැත්වෙන මෙම හමුව සදහා එම පක්ෂයේ සභාපති හිටපු ඇමති ජී.එල්. පීරිස් හා සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගී වෙයි.
ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාම මෙම හමුව සදහා සහභාගි වනු ඇතැයිද පැවසෙයි.
බැසිල් රාජපක්ෂ මහතා මෑතකදී කියා සිටියේ පොදුජන පෙරමුන මහා සාගරයක් බවත් ඊට කුණු කාණුද ගලාගෙන එන බවත්ය.
එම ප්රකාශය තම කණ්ඩායම ඉලක්ක කරමින් පැවසූවකැයි සිතා 16 කණ්ඩායම බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ප්රබල විවේචනද එල්ල කලේය.
මන්ත්රී ඩිලාන් පෙරේරා පසුව කියා සිටියේ එසේ පිලිතුරු නොදුන්නේ නම් තම කණ්ඩායම නපුංසකයන් වන බවයි.
බැසිල් රාජපක්ෂ මහතා මීට පෙර සදහන් කර ඇත්තේ 16 කණ්ඩායම පිලිගන්නේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගන්නේ නම් පමණක් බවයි.
මේ තත්වය යටතේ අද සිදුවන සාකච්චාව ඉතා උනුසුම් මෙන්ම තීරණාත්මක එකක් වනු ඇතැයිද වාර්තා වෙයි.
ඊගාව චන්දෙදි පොදුඡන පෙරමුණෙන් ඉල්ලුවත් මහ මැතිවරණයෙන් ඡනතාව දුන් තීන්දුවට එරෙහිව එඡාපය සමග හවුල් ආණ්ඩු හදන්න ගිය කිසිවෙකුට ඉදිරි මැතිවරණයකදී මනාප ලැබේ යැයි සිතිය නොහැක.. මොවුන්ද අත උස්සා පසුගිය වසර 3 1/2 තුල සිදුකල ඡනතා විරෝධි කටයුතුවලට මොවුන්ට වන්දි ගෙවීමට සිදුවිය හැක.. නවතම ඡනමතයෙන් මොවුන් තම දේශපාලන ගමන් වෙනස් කරනවා විනා… පසුගිය පලාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව පරාඡය වූ නම් අදත් මොවුන් සියළු දෙනා මෙම ආණ්ඩුවේ ඇමතිකම් දරමින් සිටිනවා සිකුරුය…
ඔහොම චාටර් කර කර අතේ දුරින් තියා ගන්න, ලගට නම් ගන්න එපා. කහබිලිය වගේ ගෑවුනොත් කස කසා ඉන්න වෙන්නේ.
ඊලග චන්දෙදි මුන් ගැන අපි බලා ගන්නම්.
If these 16 pigs going with mahinda..
..sorry for him too…they r pigs….don’t open door for pigs…
මේ අවස්ථාවාදී බඩගෝස්තර 16 දෙනාව ගත්තොත් මහින්ද ලොස්. මහින්දට අයෙත් කෙලවෙන්නේ මේ දයාසිරිලා ඩිලාන්ලා වගේ දෙපැත් නයි රෙද්ද අස්සේ දාගත්තොත් විතරයි. මුන් 16ට කොහමටත් චන්ද නැහැ. මුන්ව ගහලා පන්නන්න ඕනේ
මුන්ව ගත්තොත් අපේ චන්දෙ මහින්දට නැ ඉස්තිරයි.
munta honda padamak ugannamu.