කුණු කොල්ලෙට වී මිල බහී.. ගොවියා අනාතයි..

March 9, 2019 at 2:06 am | lanka C news
කුණු කොල්ලෙට වී මිල බහී.. ගොවියා අනාතයි..

මෙවර මහකන්නයේ වී අස්වැන්න නෙලීමෙන් පසුව වී වල තෙතමනය වේලා ගැනීමට සුදුසු ස්ථාන නොමැති වීමෙන් අදාල වී අස්වැන්න කුනු කොල්ලෙට විකිණීමට සිදුවීම හේතුවෙන් උතුරේ  ගොවීන් දැඩි අසීරුතාවයන්ට පත්ව සිටිති.

එක්සත් ජාතීගේ සංවර්ධන අරමුදල මගින් ලබා දුන් මුදල් වලින් උතුරේ ඇතම් ග්‍රාම නිලධාරී අව්සම් වල පොදුවේ වී වේලා ගැනීමට කමත් ඉදිකොට ඇතත් පසුගිය දිනයන්හි ඇතිවූ වර්ෂාව හා ගංවතුර හේතුවෙන් අදාල කමත් සියල්ලක්ම විනාශ වී යාමෙන් මෙම ගැටලුව ඇතිව තිබෙන බවට එම ගොවීහු කියා සිටිති.

පසුගිය දිනයන්හි උතුරේ බොහෝ ප්‍රදේශයන් වෙතට වර්ෂාව ඇදහැලීම හේතුවෙන් කුඹුරු වල ජලය රැඳීම හේතුවෙන් වී වල තෙතමනය තිබීම නිසා වී මිල ගණන් දැඩි ලෙස පහත දැමීමට වී මිලදී ගන්නා වෙළෙන්ඳන් පියවර ගන්නා අතර වී වේලන කමත් නොමැති නිසාම තම වී තොග වේලා ගැනීමට නොහැකිව උතුරු ප්‍රදේශයන්හි ප්‍රධාන මාර්ගවල දමා ඇතම් ගොවීන් වී වේලා ගැනීමට උත්සහ දැරුවද ඇතම් රියදුරන් විසින් වාහන වී ගොඩවල් උඩින් වාහන ධාවනය කිරිම හේතුවෙන් වී විනාශ වී යාමේන එම ගොවීහු ගැටලු රැසකට මුහුණ පා ඇත.

වී වේලා ගැනීමට නොහැකිව වී වෙළෙන්ඳන්ට ඉතා අඩු මිලකට වී ලබා දීමට සිදුවීම හේතුවෙන් තමන්ගේ මහන්සිය අපතේ යන බවටද උතුරේ ගොවීහු වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,391 Viewers

Leave a Comment

Main News